Friday, January 30, 2026
Follow Us
හිටපු ජනපති ගෝඨාභය 16 වැනිදා අධිකරණයට කැඳවයි

ශ්‍රේෂ්ඨාධිකරණ අද සිදුකළ නියෝගය


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාවදීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නොතිසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

අදාළ පෙත්සම් අද (24) මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරුණි.

දුමින්ද සිල්වා මහතාට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඔහුගේ බිරිඳ වූ සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Aruna