පළාත් පාලන ආයතන රැසකට ප්‍රධාන දේශපාලන පක්ෂ භාරදුන් නාමයෝජනා පත්‍ර රැසක් ප්‍රතික්ෂේප වී තිබේ.
ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වේ.
කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
නවසීලන්තයට අද නව අග්‍රාමාත්‍යවරයෙකු තේරී පත්වීමට නියමිතව තිබෙනවා. ඒ, වත්මන් අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්.
2023/01/18 දින කෝප් කමිටුවේ සභාපති (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ කැඳවීම කරන ලද්දේ 2022.12.08 දින කාරක සභා රැස්වීමේ දී දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය සඳහා ය.
සිනමා නිර්මාණයේ විශිෂ්ඨයෙකු වූ සුමිත්‍රා පිරිස් මැතිනියගේ අභාවය සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී සිය ශෝකය පළ කරයි
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වෙනිදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.
අද (20) පාර්ලිමේන්තුව පෙ.ව 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 05.30 දක්වා දක්වා පැවැත්වේ.
ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ තැපැල් ඡන්ද දීම සඳහා අයදුම්පත් බාරගැනිම ජනවාරී 31න් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත තෙවන වර කියවීම අද (19) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දෙයි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට එල්ල වූ තර්ජන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
තමන් විසින් සක්වල හරහා බස්රථ ලබා දෙන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන දුවාදරුවන්ට මිස කාගෙවත් ඥාති හිත මිත්‍රාදීන්ට නොවන බවත්, මේ උතුම් සත්කාරයට කුහකකම් නොකරන ලෙසත්, බස්රථ වැඩපිළිවෙළ පිළිබඳව අවශ්‍ය නම් සතියක විවාදයකට තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරග කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අරමුණින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට මරණ තර්ජන පවා මේ වන විට එල්ල කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් ද යොමු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18)පස්වරුවේ පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට අද පස්වරු 02.30ට මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු කථානායකවරයා පැවසීය.
මෙම රැස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අවලංගු වන බවයි කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ.
මේ සඳහා විපක්ෂය කාරක සභාව රැස්වීම අවලංගු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ ද මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.
Page 80 of 554