Thursday, July 09, 2026
Follow Us
පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (9) පෙ.ව 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා පනස් එකක් (51) අනුමත කිරීමට නියමිතයි.


ඉන් අනතුරුව පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් 2023 පෙබරවාරි 08 වැනිදා ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.