Thursday, January 29, 2026
Follow Us
ජනපති ආණ්ඩුව ප්‍රතිපත්ති ප්‍රකාශය අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

නව වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරය පසුගිය වසරේ අගෝස්තු මස 3න් වැනිදා අභිනවයෙන් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කෙරුණු අතර එම සභාවාරය පසුගිය ජනවාරි මස 27 වැනිදා අවසන් කෙරිණි.