සාරියක් ගත දැවටුවාම එහි හැඩය ලස්සනට කැපිලා පේන්න නම් හැඩට මහපු සාරි හැට්ටයක් තිබිය යුතුමයි. ඇඟේ ගාණට කදිමට සාරි හැට්ට හැමෝටම මහන්නත් බෑ. ඒක හින්දා ඔයාගේ සාරි හැට්ටය ඔයාටම මහගන්න තමයි අපි මේ කියලා දෙන්නේ. එහෙනම් අද අපි බෝට් නෙක් සහිත සාරි හැට්ටයක් මසාගන්නා හැටි බලමු.
මෙය ඉතාමත් අලංකාර, වැඩි ඉල්ලුමක් පවතින සාරි හැට්ට විලාසිතාවකි. තරුණ සිිහින් සිරුරක් සහිත යුවතියකට මෙන්ම පිරිපුන් හා වඩාත් උස මහත කාන්තාවකට වුවද උචිතය. මෙම මෝස්තරය ඉදිරි හෝ පිටුපස විවරය සහිතව හෝ රහිතව ද මසා ගත හැකියි. මේ වනවිටත් ඔබ මූලික පතරොම සැකසීමට දැනුම ලබාගෙන ඇත. එසේ නම් ලෝකය දකින ඕනෑම මෝස්තරයක් මූලික පතොරම අැසුරින් පහසුවෙන් නිර්මාණය කළ හැකියි.
අවශ්‍ය මිමි
උරහිස = 13-1 =12
පපු වට -32+4+1 = අඟල් 9 (ඉදිරි පළුව) +32+4 = අඟල් 8 (පිටුපස පළුව)
ඉණවට -26+4+6 1/2
ඉහළ සිට කර ගැඹුර - අඟල් 7 (ඉදිරි) අඟල්
9 පිටුපස කර ගැඹුර
ඉහළ සිට පපුව මුදුන උස - අඟල් 9 1/2
ඉහළ සිට පපුව යට උස - අඟල් 12 1/2
ඉහළ සිට සම්පුර්ණ උස - 15 ඉදිරි උස (13
පිටුපස උස)
ඩාට් පරතරය - අඟල් 6
අත දිග - 13
අත වට -10
මැසීමේ පියවර - මුලින්ම කපාගත් ඉදිරි පළුව හා පිටුපස පළුව ස්ටිප් පටි යෙදු පේෂින් කරට කර තබාගන්න. බ්‍රාකට් වෙන් කළ කොටසේ ඩාට් තුන මසන්න. පහළ කොටස හා ඉහළ කොටස් දෙක එකට තබා මසන්න. කිහිලි කට කර්ණාකාර පටි යොදමින් නීට්කර ගන්න. උරහිස් එකට තබා මසන්න. පිටුපස පළුවට හක් වාටියක් හෝ ෂිපරයක් තබා හැඩකර ගන්න.
Tharunie
ඔබ අතින්ම නිර්මාණය කරපු රිබන් එම්බ්‍රොයිඩරි සැරසිල්ලකින් නිවෙසේ විසිත්ත කාමරය හැඩකර ගන්න හැකිනම් කෙතරම් අගනේද.. ඔබේ නිර්මාණශීලී හැකියාව නිවෙසට එන අමුත්තනට ප්‍රදර්ශනය කරන්නටත් එය කදිම අවස්ථාවක් වේවි. මේ විදිහට එය නිර්මාණය කරලා විසිත්ත කාමරයට වෙනසක් එක්කර ගනිමු.
මේ ලෝකේ ජීවත්වෙන හැම මනුස්සයෙක්ගෙම ජීවිතය තුළ ඉහළ යෑම් වගේම පහළට වැටීම් ඕනෙ තරම් සිද්ධ වෙනවා. ඒ මනුස්සයා කවුද කියලා ඒ අභියෝගවලට අදාළම නැහැ. ඒත් මිනිස්සු අභියෝ්ගවලට මුහුණ දෙන්නේ විවිධාකාර විදිහට. මේ ලෝකෙ ශක්තිමත්ම මිනිසාට වුවත් අමාරු කාලවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
සියවස් ගණනාවක් ඈත අතීතයකට උරුමකම් කියන කතිර රටා එම්බ්‍රොයිඩරි කලාව අද ලෝකයේ ජනප්‍රියම මැහුම් කලාවයි. ඒත් එක්කම අපේ රටේ කාන්තාවන් වැඩි පිරිසක් මේ සඳහා උනන්දුවන බව පෙනී යනවා. දිනෙන් දින තරුණී දුරකතනයට ගලා එන ඇමතුම් අතර කතිර රටා මෝස්තර ඉල්ලීම් බොහෝයි. ඒ අතර ටෙඩි බෙයාර් නිර්මාණයක් වෙනුවෙන් තිබූ ඉල්ලීම අද අපි මෙලෙස ඉටු කරන්නෙමු.
මෙවැනි නිර්මාණයක් පුංචි පුතාට උපන් දිනයකට තිළිණ කරන්නත් කදිමයි.
මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය -
අඟලට කොටු 10ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්
නොම්මර 18, 24 සිට නොම්මර 26 දක්වා ටැපැස්ට්‍රි ඉදිකටු
අවශ්‍ය වර්ණ කපු කැරැලි නූල්
කතුරක්
නිර්මාණය කිරීම
කතිර රටා එම්බ්‍රොයිඩරි කලාවට කොටු ගණන් කළ හැකි ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. එහෙත් අපි වැඩි වශයෙන්ම භාවිත කරන්නේ අයිඩා රෙදිය. මේවා අඟලට 8, 10, 11, 14, 16, 18 හා 20 ආදී වශයෙන් කොටු ප්‍රමාණ අනුව ඇත. එහෙත් අපි කතිර රටා සඳහා වැඩි වශයෙන් භාවිතයට ගන්නේ අඟලට කොටු 10ක් ඇති අයිඩා රෙදිය. මේ කතිර රටාව ප්‍රමාණයෙන් අඟල් 13 x 18.2 එකකි. අද මේ ගෙන එන නිර්මාණයත් එවැන්නකි. මෙම අයිඩා රෙදිවල විවිධ වර්ණ ඇත. එනම් සුදු, කළු, ඇත් දළ පැහැ, දම්, ළා නිල්, ඕෆ් වයිට් ආදී ලෙසය. මේ නිර්මාණය සඳහා සුදු හෝ ඕෆ් වයිට් තෝරා ගත හැකියි. මෙම රෙදි කොටස වියමනක් ලෙස ඇති අතර ඔබට කොටු ගණන් කළ හැකියි.

Tharunie
තවත් සිංහල අලුත් අවුරුද්දක් අත ළඟ. ඇඳුම් කඩ පෝලිමට හනි හනිකට එකතුවෙන කාලෙ ඔන්න ආයෙත් ඇවිත්. මේ මොන දේ තිබුණත් ගේ දොර කල එළි කරන එක තමයි ආදරණීය ගෘහිණියකගේ පළමු රාජකාරිය. ඉතින් පැමිණෙන අමුත්තන් ළෙන්ගතුව පිළිගන්න, රස මුසු කෑමවේලක් පිළිගන්වන්න ඔබ ලහි ලහියේ සූදානම් වෙනවා ඇතිනෙ. ඒ සංග්‍රහය හැඩ කරන්න අලංකාරවත් කෑම මේසයකට පුළුවන්.
මලින් පිරුණු මල් ගොමුවක මල් නෙළන හරි ලස්සන සුරඟනන් දෙදෙනෙක්... මේ වගේ සැරසිල්ලකින් පුංචි දෝණිගේ කාමරය සරසන්න හැකි නම් කෙතරම් අගනේ ද? මේ හරි අපූරු නිර්මාණය පේපර් ක්විලීන් ක්‍රමයට ඉතා පහසුවෙන් නිර්මාණය කරගත හැකියි.
පුංචි දෝණි ළමා සාරියකින් හැඩගන්වා ගෙන විහාරයට යන දසුන කෙතරම් නම් පින්බර ද? දියණියක් සිටින මවක් නිතරම ඇයට විලාසිතා කරන්න පෙළඹෙනවා. ඒ මොන විලාසිතාව කළත් දහම් පාසලට එහෙමත් නැතිනම් පෝයදාට පන්සලට ඇඳගෙන යන්න ගැළපෙනම ඇඳුම ළමා සාරියයි.
අදින් ආරම්භ වූ අලුත් අවුරුදු මාසයේ වසන්ත සමය උදා වෙලා. ගහකොළ මලින්, ඵලින් බර වෙලා. හැමෝගෙම හිත් සතුටින් පිරෙන්නයි ඕනෙ. කොහොමත් ජීවිතයේ හැමදාම කුණාටු එන්නේ නැහැ. හැම ප්‍රශ්නයකටම පිළිතුරක් තියෙනවා.
ඇසුරු සැණින් කාලය වෙනස් වෙද්දී හැමදේම අලුත්වන බව ඔබ දන්නවා. ඇඳුම් පැලඳුම් ඒ අතර විශේෂයි. අද වෙළෙඳපොළේ කොතරම් නම් ඇඳුම් විලාසිතා තියෙනවාද? එහෙත් මේ කාලයේ විදිහට එවැනි සිතැඟි ඉටුකර ගන්නට ඔබේ මුදල් පසුම්බිය හරස් වේවි. ඔබ මැහුමට දක්ෂ කෙනෙක් නම් මෙන්න ඔබට අගනා අවස්ථාවක්. මේ ලස්සනම ලස්සන ගවුම් විලාසිතාව ඔබේම කරගන්නට හැකියි. මෙවැනි ගවුම් මෝස්තර මසා ස්වයං රැකියාවක් ආරම්භ කරන්නත් පුළුවන්.
පුංචිම පුංචි නූල් පොටකින් මෙතරම් විස්මිත නිර්මාණ කළ හැකිද යන්නත් පුදුමයක් නේද? මේ අලංකාර මල් බඳුනකි. ඉවසීමෙන් හා නිර්මාණශීලිව කළ යුතු මේ ගෙත්තම වූල් කලාවේ අනගි තිළිණියකි. සියුමැලි කාන්තා දෑතකට මෙබඳු කලාවකින් විස්කම්සහගත බොහෝ දේ කළ හැකියි. එය ප්‍රයෝජනයට ගනිමින් මේ වෙසක් මහේ බුදුකුටිය සරසන්න මල් බඳුනක් ගොතන්න දැන් ඔබටත් පුළුවනි.
මුළුතැන්ගෙය ගෘහිණියගේ රාජධානියයි. එහි පිරිසුදු බවත් පිළිවෙළත් කියන්නේ ඇගේ හැකියාවයි. මුළුතැන්ගෙයි පිළිවෙළ පෙන්වන තවත් එක් අංගයකි කෑම මේසය. ඉතින් නිවෙසට එන අමුත්තන්ට සංග්‍රහ කරද්දි දන්න ශිල්ප සියල්ලම දමා රස කෑම වේලක් සකසා සිත් බඳනා පියකරු බවක් ගෙන එන ආකාරයට කෑම මේසය පිළියෙල කරන්නයි අපේ ගෘහිණියන් උත්සාහ කරන්නේ.
මලින් පිරුණු මල් මිටියාවතක් නෙත ගැටෙන කල සිතට දැනෙන්නේ හරිම අපූර්වතම හැඟීමක්. පුංචි බටිති යුවළකගේ දසුනකුත් මෙයට එකතු වූ විට සැබෑම සොඳුරු බවක් කියාපායි. මල් මිටියාවතක ඈතින් රැඳි නිවෙසක දසුන්හි චමත්කාරය තීව්‍ර කරයි. ඔබේ ආලින්දයේ මෙවැනි සැරසිල්ලක් දක්නට ඇත්තම් එය කාර්යබහුල මනසට සුවය ගෙනෙන දසුනක් වනු නො අනුමානය.
හැම මොහොතක්ම ගත වෙනවා. පසු වෙනවා. කවදාවත් වෙලාව එක තැන නැවතිලා නැහැ. ඔයාට දැනෙනවාද කිසිම දෙයක් වෙනස් නොවී පවතින්නේ නැහැ කියලා. සෑම තත්පරයක්ම ගෙවෙනවා. හැමදේම වෙනස් වෙනවා. ඔයා දැන් කොච්චර දුකෙන් හිටියත්, ඔයා දුකෙන් ඉන්න කාලය අඩු වෙනවා. නැතිවෙනවා. හැමදේම හරි යනවා.
වියළි මල් කලාවෙන් ජීවිතය පාට කරගන්න තරුණීත් එක්ක අත්වැල් බැඳගත් ආදරණීය ඔබට මෙහෙම කියන්න හිතුණා. “ඔයාගේ සතුට රඳාපවතින්නේ ඔයා මතමයි...” සැබැවින්ම සති ගණනාවක් තිස්සේ මල් කලාව ආශ්‍රිත නිර්මාණ කරගෙන ඔබ මීට පෙර හිටියාට වඩා සතුටින් යැයි අප සිතනවා. ‘ඉතින් මේ ලෝකේ අපව සතුටින් තියන්න පුළුවන් හොඳම කෙනා තමන්මයි.
අපි ඇඳුමක් තෝරා ගැනීමේදී මසා ගැනීමේදී එහි ඇති ලස්සන සහ සුව පහසුව බලනවාමයි. ඉතිං ඔබම මෙම ගවුම මසා ගන්නේ නම් ඔබට කැමැති රෙදි වර්ගයක් තෝරාගෙන එයට මෙවැනි මෝස්තරයක් එකතු කරගත හැකියි.
සාරි හැට්ිටය ඇඟේ ගානට ඇඟට ඇලෙව්වා වගේ ලස්සනට,නීට් එකට, ඇඟේ හැඩතල ලස්සනට ඉස්මතු කරලා පෙන්නනවා වගේම කිසිම අපහසුතාවයක් නැතුව ඇඳගෙන ඉන්න පුළුවන් නම් ඔබත් කැමතියි නේද? ඔව් එහෙම වුණොත් තමයි සාරි හැට්ටය අඳින කෙනා වගේම සාරි හැට්ටය මහන කෙනත් සතුටු වෙන්නේ. ඒක තමයි සාර්ථකත්වය. සාමාන්‍ය සාරි හැට්ටයේ සිට මනාලි මෝස්තර දක්වා ඔබට නීට් එකට සාරි ජැකට් මහන්න පුළුවන්. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා අනෙකුත් ඇඳුම්වලට වඩා සාරි හැට්ටයක් මහන එක ටිකක් සංකීර්ණයි කියලා.
මේ ආදරණීය කාන්තා ඔබේ මාසයයි. ජීවිතය රසවත්ව භුක්ති විඳින්න කාන්තා ඔබට හැකියි. ඔබ දන්නවාද? නාසා ආයතනයේ එල්ලා තියෙන පෝස්ටරයක මී මැස්සෙක් ප්‍රදර්ශනය කරනවා. ඉතින් නාසා ආයතනයට මොකටද මී මැස්සෙක් ඉන්න පෝස්ටරයක්....? ඒක ඇතුළෙ හරි ලස්සන කතාවක් තියෙනවා.
කාන්තාවක සතු ශක්තිය මෙපමණ යැයි කිව නොහැකි තරමට සුවිශාලයි. ඇයගේ හැකියාව ද එපමණය. එවන් හැකියාව ප්‍රයෝජනයට ගනිමින් තමන්ගේ ඇඳුම් තමන්ම මසා ගන්නේ නම් එය කොතරම් අභිමානයක් ද? ඔබේ ඇඟේ හැඩට මේ ගවුමත් මසාගෙන බලන්න. ඔබේ හැකියාවට ලැබෙන අගය කිරීම තවත් වැඩිවේවි.
Page 2 of 25