Monday, April 29, 2024
Follow Us
අවුරුදු මේසෙට යස හැඩ ගේනා කදිම පැච්වර්ක් රටා

තවත් සිංහල අලුත් අවුරුද්දක් අත ළඟ. ඇඳුම් කඩ පෝලිමට හනි හනිකට එකතුවෙන කාලෙ ඔන්න ආයෙත් ඇවිත්. මේ මොන දේ තිබුණත් ගේ දොර කල එළි කරන එක තමයි ආදරණීය ගෘහිණියකගේ පළමු රාජකාරිය. ඉතින් පැමිණෙන අමුත්තන් ළෙන්ගතුව පිළිගන්න, රස මුසු කෑමවේලක් පිළිගන්වන්න ඔබ ලහි ලහියේ සූදානම් වෙනවා ඇතිනෙ. ඒ සංග්‍රහය හැඩ කරන්න අලංකාරවත් කෑම මේසයකට පුළුවන්.

අවුරුදු කෑම මේසය හැඩ කරන පැච්වර්ක් රටා තිළිණ කරන්නට සිතුවේ තරුණී වෙතින් ඔබට පිරිනැමෙන ආදරණීය අවුරුදු තිළිණයක් ලෙසිනි.

පැච්වර්ක් ක්‍රමයට අැපල් ගෙඩිවලින් කළ මේස රෙද්දක්

අවශ්‍ය දේවල්

අමු රෙදි යාර 2 1/2ක් (අඟල් 40)

ඉරි, බිංදු, කොටු, මල් සහිත මුද්‍රිත

රෙදි යාර 1/2ක්

බෝඩරය සඳහා බිංදු සහිත මුද්‍රිත

රෙදි යාර 03ක්

අල්පෙනෙති ස්වල්පයක්

මැසීමට වර්ණ කිහිපයකින් යුත් නූල්

සාදන ක්‍රමය

තම නිවෙසේ ඇති මේසයේ දිග හා පළල මැන ගන්න. මේසය වටේ ඇති උස ප්‍රමාණය වටා බෝඩරයක් ඇති බැවින් මුද්‍රිත රෙද්දෙන් අඟල් 4ක් පළල රෙදි කොටසකින් කොටස් දෙක බැගින් කපා ගන්න. මෙම පළු දෙක වටේ මසා හොඳ පැත්තට පෙරළා මේස රෙද්ද වටේට තබා මසා නිමකර ගන්න.

මෙලෙස සකස්කර මේස රෙද්ද වටා බෝඩරය අවසන් තැන සිට රතු පාට පයිපින් එකකින් මසා නිමකර ගන්න.

රූපයේ පෙනෙන ආකාරයට ඇපල් ගෙඩිය කොළය සහ නටුව කොටස සඳහා පතරොමක් කපා ගන්න. දැන් ඔබ ළඟ ඇති කොටු, ඉරි, බිංදු සහිත රෙදි උපයෝගී කොටගෙන ඇප්ලික් එක සඳහා ඇති කොටස් මැහුම්වාසි තබා කපාගන්න. දැන් මේස රෙද්දේ බෝඩරය වටේට ඇපල් ගෙඩි තබා අැල්පෙනෙත්තිවලින් රඳවා ගන්න. දැන් උඩ නූල පිටතට නොපෙනෙන ලෙස මෙම කොටස් ඇප්ලික්කර ගන්න.

දැන් කැරලි නූල් ආශ්‍රයෙන් ඇප්ලික් එක වටා නුල් දුවන මැස්ම හෝ වෙනත් විසිතුරු මැහුම් ක්‍රමයකින් අලංකාරකර ගන්න.

ඇපල් ගෙඩියෙන් ටේබල් මැට් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

මුද්‍රිත රෙදි කැබැලි

තනි පැහැ රෙදි කැබැලි

පැඩින් ෂීට් කැබැල්ලක්

ලයිනින් කිරීමට අමු රෙදි යාර 1/2ක්

සාදාගන්නා ආකාරය

රූපයේ පෙනෙන ඇපල් ගෙඩිය කාඩ්බෝඩ් කැබැල්ලක ඇඳගන්න. එය දෙපැත්තෙන් සමාන කොටස් දෙකකටත් මැද කොටස පළලටත් කපා ගන්න. දෙපැත්ත කොටස් දෙක අඟල් 2ක් පළලත් මැද කොටස අඟල් 3ක් පළලටත් සිටින ලෙස ඇඳගන්න. දැන් එම කොටස් A,B,C,D,E නමින් නම්කර ගන්න. එහි ඇතුළත අංක මඟින් නම්කර තිබෙන හැඩතල වෙනම කපා වෙන්කර ගන්න.

එලෙස වෙන්කර ගත් පටි තීරු නැවතත් කුඩා කොටස්වලට වෙන්කර ගත යුතුයි. ඒ සඳහා නිමකර ඇති රූපය දෙස බලා අවබෝධකර ගෙන විවිධ ප්‍රමාණයේ සම චතුරාස්‍ර හා සෘජු කෝණස්‍ර හැඩතල සකස්කර ගන්න. දැන් මෙම කොටස් ඔබ ළඟ ඇති මුද්‍රිත හා තනි පැහැ රෙදිවලින් කපා ගන්න. මැසීමට මෙම සෑම කොටසකටම අඟල් 1/4ක් මැහුම් වාසි තබන්න.

රෙදි තෝරා ගැනීමේදී අප ඇපල් ගෙඩිය රතු පාටින් නිර්මාණය කළ යුතු බැවින් රතු මිශ්‍ර රෙදි කැබැලි තෝරා ගැනීමෙන් නිර්මාණය වඩාත් අලංකාරකර ගත හැකියි. මෙම කොටස් සියල්ල මූට්ටුකර අැපල් ගෙඩියේ හැඩය නිර්මාණයකර එයට පැඩිං හා රෙදි ලයිනිං කපා ගන්න. නටුව කොටස දුඹුරු පාට රෙද්දෙන් වෙනම මසා යට ලයිනිං කොටසට සම්බන්ධකර වටේ පයිපිං එක මසා ගන්න. පයිපිං කොටසටත් පැඩිං තබාගන්න. ඇපල් ගෙඩියේ කොළය වෙනම මසාගෙන නිර්මාණය උඩින් තබා කොළේ මැද නාරටිය මතුපිටින් මසාගන්න. මෙම නිර්මාණය ඔබට ගෙදර මසා ඉතිරිවන රෙදි කැබැලිවලින් සකස්කර ගත හැකියි.

අවුරුදු මේසයට අලංකාර පැච්වර්ක් නිර්මාණයක්

මේ සඳහා ෆෙල්ට් වැනි රෙද්දක් තෝරාගන්න. රවුම් හැඩය සහිතව මේස රෙද්ද කපාගන්න. එම මේස රෙද්ද වටා අඟල් 1ක පළලකින් යුතුව පයිපිං පටියක් මසාගන්න.

මේ වටා ඇප්ලික් කිරීමට කළු පසුබිමක සුදු බිංදු ඇති රෙද්දක් සහ වර්ණ දෙකකින් යුත් කොළපාට රෙදිවලින් රූප සටහනේ පරිදි කොළ කපා ගන්න. එම කොළ වර්ණ වලින්ම බයස් බයිඩිං පටි සාදාගන්න.

දැන් රූප සටහනේ ඇති රූපය මැහුම් වාසි අඟල් 1/4ක් ලෙස තබා කපාගන්න. හොට කොටසට සුදු වර්ණයත් ඇඟ කොටසට කළු පසුබිමේ සුදු බිංදු රෙද්දෙනුත් ඇඟ කොටස කපා ගන්න. දැන් මේස රෙද්ද වටා කොළපාට බයස් පටි හැඩයට සිිටින සේ ඇප්ලික්කර ගන්න. කොළපාටින් කපාගත් කොළ මසාගත් බයස් පටියට සම්බන්ධකර කොළ අත්ත මසාගන්න.

එම කොළ අත්ත මතට කුරුල්ලාගේ හැඩයට කපාගත් කොටස ඇප්ලික් කරන්න. මෙය ඔබට අතින් හෝ මැෂින් එකක් භාවිතයෙන් වුවද කරගත හැකියි. දැන් එම කුරුල්ලාගේ හොට සහ හිස උඩ මොල්ලිය වැනි කොටස රතු පාටින් කපා ඇප්ලික්කර ගන්න. ඇඟ කොටසේ සුදු පාට කැරළි නූලෙන් වක්‍රකාර හැඩයක් නැටි මැස්මෙන් මසාගන්න.

මෙය ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් වැඩි වියදමක් නොමැතිව සකස් කරගත හැකි නිර්මාණයකි.

හැඩැති ටෙබල් රනර් එකක්

මේ සඳහා ඔබට අමු රෙදි හා මුද්‍රිත රෙදි, තනි පැහැ පොප්ලින් රෙදි අවශ්‍ය වේ. දැන් ඔබේ මේසයේ දිගට වඩා අඟල් 10ක් පහතට දිග සිටින ආකාරයට මෙහි දිග තීරණයකර ගන්න. මැද කොටස අමු රෙද්දෙන් අඟල් 12ක් පළලට ගන්න.

අමුරෙද්ද කොටසට ඇපල් ගෙඩි ඇප්ලික්කර ගන්න. එයට නටුව සහ කොළ අැප්ලික්කර ගන්න. ඔබ රෙදි පින්තාරු කිරීමට හැකියාවක් ඇති කෙනෙක් නම් ඇපල් ගෙඩිය පින්තාරුකර ගත හැකියි. අමුරෙද්ද වටේට අඟල් 2ක් පළල බෝඩරයක් වර්ණ දෙකකින් සකස්කර ගෙන තිබේ. එම බෝඩරය අඟල් 2x2 පළල කොටු ආශ්‍රිතව මුට්ටු කරගෙන ඇත. දෙපැත්තෙන් ත්‍රිෙකා්ණකාර කොටසක් කොටු රෙද්දෙන් නිර්මාණයකර තිබේ. එය ඔබ සකස්කර දෙපසින් මසාගත් බෝඩරය පහතට සිටින ආකාරයට ත්‍රිෙකා්ණ කොටස සකස් වී ඇත. දෙපසම මෙලෙස නිමකර ගන්න. ඇපල් ගෙඩි නිර්මාණයකර ගත් අමු රෙද්දේ දෙපසට අඟල් 2 පළල පටි තීරුවක් කොටු රෙද්දෙන් මසාගත් පසුවයි ඔබ සකස්කර ගත් බෝඩරය සහිත කොටස සම්බන්ධ කළ යුත්තේ. (නිමකර ගත් රූපයේ පෙනෙන ආකාරය දෙස බලන්න)

දැන් මෙහි හැඩයට පැඩිං ෂිට් එකෙන් කොටසක් හා ලයිනිං කොටසක් කපාගන්න. දැන් එම කොටස් දෙක යටටත්, නිර්මණය කළ මෝස්තරය උඩටත් සිටින ලෙස තබා නිමකර ගන්න.

ඔබට මෙය වඩාත් අලංකාරකර ගැනීමට අවශ්‍ය නම් අමු රෙද්දෙන් කැපූ කොටස කුවිල්ට්කර ගන්න.

නූල් දුවන මැස්ම හෝ වෙනත් විසිතුරු මැහුම් ක්‍රමයකින් අලංකාරකර ගන්න.

ඇපල් ගෙඩියෙන් ටේබල් මැට් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

මුද්‍රිත රෙදි කැබැලි

තනි පැහැ රෙදි කැබැලි

පැඩින් ෂීට් කැබැල්ලක්

ලයිනින් කිරීමට අමු රෙදි යාර 1/2ක්

සාදාගන්නා ආකාරය

රූපයේ පෙනෙන ඇපල් ගෙඩිය කාඩ්බෝඩ් කැබැල්ලක ඇඳගන්න. එය දෙපැත්තෙන් සමාන කොටස් දෙකකටත් මැද කොටස පළලටත් කපා ගන්න. දෙපැත්ත කොටස් දෙක අඟල් 2ක් පළලත් මැද කොටස අඟල් 3ක් පළලටත් සිටින ලෙස ඇඳගන්න. දැන් එම කොටස් A,B,C,D,E නමින් නම්කර ගන්න. එහි ඇතුළත අංක මඟින් නම්කර තිබෙන හැඩතල වෙනම කපා වෙන්කර ගන්න.

එලෙස වෙන්කර ගත් පටි තීරු නැවතත් කුඩා කොටස්වලට වෙන්කර ගත යුතුයි. ඒ සඳහා නිමකර ඇති රූපය දෙස බලා අවබෝධකර ගෙන විවිධ ප්‍රමාණයේ සමචතුරස්‍ර හා සෘජුකෝණාස්‍ර හැඩතල සකස්කර ගන්න. දැන් මෙම කොටස් ඔබ ළඟ ඇති මුද්‍රිත හා තනි පැහැ රෙදිවලින් කපා ගන්න. මැසීමට මෙම සෑම කොටසකටම අඟල් 1/4ක් මැහුම් වාසි තබන්න.

රෙදි තෝරා ගැනීමේදී අප ඇපල් ගෙඩිය රතු පාටින් නිර්මාණය කළ යුතු බැවින් රතු මිශ්‍ර රෙදි කැබැලි තෝරා ගැනීමෙන් නිර්මාණය වඩාත් අලංකාරකර ගත හැකියි. මෙම කොටස් සියල්ල මූට්ටුකර අැපල් ගෙඩියේ හැඩය නිර්මාණයකර එයට පැඩිං හා රෙදි ලයිනිං කපා ගන්න. නටුව කොටස දුඹුරු පාට රෙද්දෙන් වෙනම මසා යට ලයිනිං කොටසට සම්බන්ධකර වටේ පයිපිං එක මසා ගන්න. පයිපිං කොටසටත් පැඩිං තබාගන්න. ඇපල් ගෙඩියේ කොළය වෙනම මසාගෙන නිර්මාණය උඩින් තබා කොළේ මැද නාරටිය මතුපිටින් මසාගන්න. මෙම නිර්මාණය ඔබට ගෙදර මසා ඉතිරිවන රෙදි කැබැලිවලින් සකස්කර ගත හැකියි.

අවුරුදු මේසයට අලංකාර පැච්වර්ක් නිර්මාණයක්

මේ සඳහා ෆෙල්ට් වැනි රෙද්දක් තෝරාගන්න. රවුම් හැඩය සහිතව මේස රෙද්ද කපාගන්න. එම මේස රෙද්ද වටා අඟල් 1ක පළලකින් යුතුව පයිපිං පටියක් මසාගන්න.

මේ වටා ඇප්ලික් කිරීමට කළු පසුබිමක සුදු බිංදු ඇති රෙද්දක් සහ වර්ණ දෙකකින් යුත් කොළපාට රෙදිවලින් රූප සටහනේ පරිදි කොළ කපා ගන්න. එම කොළ වර්ණවලින්ම බයස් බයිඩිං පටි සාදාගන්න.

දැන් රූප සටහනේ ඇති රූපය මැහුම් වාසි අඟල් 1/4ක් ලෙස තබා කපාගන්න. හොට කොටසට සුදු වර්ණයත් ඇඟ කොටසට කළු පසුබිමේ සුදු බිංදු රෙද්දෙනුත් ඇඟ කොටස කපා ගන්න. දැන් මේස රෙද්ද වටා කොළපාට බයස් පටි හැඩයට සිිටින සේ ඇප්ලික්කර ගන්න. කොළපාටින් කපාගත් කොළ මසාගත් බයස් පටියට සම්බන්ධකර කොළ අත්ත මසාගන්න.

එම කොළ අත්ත මතට කුරුල්ලාගේ හැඩයට කපාගත් කොටස ඇප්ලික් කරන්න. මෙය ඔබට අතින් හෝ මැෂින් එකක් භාවිතයෙන් වුවද කරගත හැකියි. දැන් එම කුරුල්ලාගේ හොට සහ හිස උඩ මොල්ලිය වැනි කොටස රතු පාටින් කපා ඇප්ලික්කර ගන්න. ඇඟ කොටසේ සුදු පාට කැරලි නූලෙන් වක්‍රකාර හැඩයක් නැටි මැස්මෙන් මසාගන්න.

මෙය ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් වැඩි වියදමක් නොමැතිව සකස් කරගත හැකි නිර්මාණයකි.

හැඩැති ටේබල් රනර් එකක්

මේ සඳහා ඔබට අමු රෙදි හා මුද්‍රිත රෙදි, තනි පැහැ පොප්ලින් රෙදි අවශ්‍ය වේ. දැන් ඔබේ මේසයේ දිගට වඩා අඟල් 10ක් පහතට දිග සිටින ආකාරයට මෙහි දිග තීරණයකර ගන්න. මැද කොටස අමු රෙද්දෙන් අඟල් 12ක් පළලට ගන්න.

අමුරෙද්ද කොටසට ඇපල් ගෙඩි ඇප්ලික්කර ගන්න. එයට නටුව සහ කොළ අැප්ලික්කර ගන්න. ඔබ රෙදි පින්තාරු කිරීමට හැකියාවක් ඇති කෙනෙක් නම් ඇපල් ගෙඩිය පින්තාරුකර ගත හැකියි. අමුරෙද්ද වටේට අඟල් 2ක් පළල බෝඩරයක් වර්ණ දෙකකින් සකස්කර ගෙන තිබේ. එම බෝඩරය අඟල් 2x2 පළල කොටු ආශ්‍රිතව මුට්ටු කරගෙන ඇත. දෙපැත්තෙන් ත්‍රිෙකා්ණාකාර කොටසක් කොටු රෙද්දෙන් නිර්මාණයකර තිබේ. එය ඔබ සකස්කර දෙපසින් මසාගත් බෝඩරය පහතට සිටින ආකාරයට ත්‍රිෙකා්ණ කොටස සකස් වී ඇත. දෙපසම මෙලෙස නිමකර ගන්න. ඇපල් ගෙඩි නිර්මාණයකර ගත් අමු රෙද්දේ දෙපසට අඟල් 2 පළල පටි තීරුවක් කොටු රෙද්දෙන් මසාගත් පසුවයි ඔබ සකස්කර ගත් බෝඩරය සහිත කොටස සම්බන්ධ කළ යුත්තේ. (නිමකර ගත් රූපයේ පෙනෙන ආකාරය දෙස බලන්න)

දැන් මෙහි හැඩයට පැඩිං ෂිට් එකෙන් කොටසක් හා ලයිනිං කොටසක් කපාගන්න. දැන් එම කොටස් දෙක යටටත්, නිර්මාණය කළ මෝස්තරය උඩටත් සිටින ලෙස තබා නිමකර ගන්න.

ඔබට මෙය වඩාත් අලංකාරකර ගැනීමට අවශ්‍ය නම් අමු රෙද්දෙන් කැපූ කොටස කුවිල්ට්කර ගන්න.

Tharunie