නත්තල් කෑම මේසයට වාගේම කෙටි ආහාරයක් ලෙසින් තේ මේසයට ද එකතු කරගත හැකි මේ ෆිෂ් බොන් බොන් හරිම රසවත්. ඒ වාගේම අපූරු සැරසිල්ලක් ලෙසින් අමුතුම කළඑළියක් ද එකතු කරාවි. ෆ්ලේකි පේස්ට්‍රියත්, තම්බාගත් මාළු, අල ආදිය මිශ්‍ර කරගෙන සකසාගන්නා නිසාම කටට රස වාගේම පෝෂණ ගුණයත් ඉහළයි. විශේෂයෙන්ම ඒකාකාරී කෑම රසය ප්‍රතික්ෂේප කරන ඔබේ පොඩිත්තන්ට වාගේම වැඩිහිටියන්ටත් මේ ෆිෂ් බොන් බොන් අපූරු තිළිණයක්ම වේවි.
රටින් රට ආහාර සොයා යන අප දැන් පිවිසෙන්නේ ජැමෙයිකාවේ කුළුබඩු මිශ්‍රණය පිළිබඳ සොයා බැලීමටයි. කුකුළු මස් රස ගැන්වීම සඳගා යොදා ගන්නා මේ රසකාරකය ඉස්සන්, දැල්ලන් වැනි මුහුදු ආහාර රසගැන්වීම සඳහාත් යොදා ගත හැකියි. ජැමෙයිකාවේ මේ පවුඩර් මිශ්‍රණය ඔබත් සකසා බලන්න.
සවස් කාලයේ තේ සාදය රසවත් කරන්නට කදිමට ගැළපෙන්නකි මේ සොසේජස් චීස් රිංග්. කටට රසට හැපෙන සොසේජස් සහ චීස් මනාව ගළපමින් සකසනා නිසාම පුංචි පැටවුන් ආසාවෙන් රස විඳීවි. පොඩිත්තන් සේම තරුණ, වැඩිහිටි කොයි කවුරුත් කැමැතිවන මේ කෙටි ආහාරය උණු උණුවේම සකසා ගත් විට ඉතා අපූරුය.
විව්ධ රසට කුකුළු මස් රස බලන්න කැමැති ඔබට පිරවූ චිකන් වින්ග්ස් වෙනස්ම රසයක් එක් කරාවි. චිකන් වින්ග්ස් හොඳි වර්ග වල වුව ද දවටා රස බැලිය හැකිය. අඹ චට්නි හොඳි ඒ සඳහා හොඳින් ගැලපේ.
බී ලූනු කියන්නේ ඕනෑම නිවෙසක පහසුවෙන් සොයා ගන්න පුළුවන් දෙයක්. ඒ විතරක් නෙමෙයි බී ලූනුවල අපේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග රාශියක් අන්තර්ගත වෙලා තිබෙනවා. විටමින් b, c සහ k එහි අඩංගුයි. ඒ වගේමයි හුඟක් අය දන්නේ නැහැ මේ බී ලූනුවලින් මිනිස් සිරුරේ ලේ කැටි ගැසීම වළක්වන බව,රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පහත දමන්නට හැකි බව.
පැණි රසැති කේක් රස බලා ඇති ඔබට තායි ෆිෂ් කේක් නුහුරු නුපුරුදු වුවත් රසින් ඉහළයි. තරමක සැර ගතියකින් යුතු මේ කේක් වර්ගය උදෑසන ආහාරයට වගේම සවස තේ වෙලාවටත් කදිමයි.
උත්සව සමයට මස් මාළුවලින් සාදන අච්චාරුවලට වැඩි ඉල්ලුමක් තිබෙනවා. කල්තබා ගන්න වුණත් හැකියි. ගෙදර තියෙන පුංචි පුංචි සාදයකට වුවත් මෙන්න මේ ආකාරයේ ඌරු මස් අච්චාරුවක් සාද ගත්තොත් එහි රස විඳිය හැකියි. ඇණවුම් කර නිෙවසට ගෙන්වා ගන්නවට වඩා තමන්ගේම නිවෙසේ මෙවැනි අච්චාරුවක් සාදා ගත්තොත් එහි පිරිසුදුබව රසය දෙගුණ තෙගුණ කර ගත හැකියි.
පාන්වල මිල ගණනුත් වැඩි නිසා නිවෙසේදීම සකසා ගත්තොත් ඔබේ මුදල් පසුම්බියටත් පහසුවක් වේවී. කෙසෙල් එකතුක සකසන මේ විශේෂිත පාන් වර්ගය ඉතාම රසවත් නිසා ව්‍යංජන, බටර්, ජෑම් වැනි අතිරේක ආහාර රහිතව වුවද රස බැලිය හැකියි.
රෝස පැහැති රෝස මල් පිරුණු මේ හැඩැති කේක් එක ඔබේ ආදරණීය අම්මාගේ හෝ දියණියගේ උපන් දිනය වර්ණවත් කරන්නටයි. ගෙට ගෙවදින්නට, සුබ පැතුම් ගෙනෙන්නට හෝ වෙනත් උත්සව අවස්ථාවකටත් මේ කේක් නිර්මාණය ගළපා ගන්නට හැකියි.
ලෝකයේ විවිධ ආහාර රටා අතර විවිධ රස සොයන රසවතුන් සොයන වෙනස්ම ක්‍රමයේ ආහාර සංස්කෘතීන් විටින් විට අපට මුණගැසේ. පසුගිය සතියේ ‘ප්‍රණීත’ හරහා දේශීය ආහාර වේලක රස පහස විඳි අපි අද සූදානම් වෙන්නේ විවිධ රටවල අත්හදා බැලූ නමුත් ශ්‍රී ලංකාවේ අඩු වියදමින් සකසා ගත හැකි ආහාර වර්ග කිහිපයක් පිළිබඳයි.
Page 22 of 44