Friday, March 29, 2024
Follow Us
රසට හැපෙන වියට්නාම් පෑන් කේක්

ලෝකයේ විවිධ ආහාර රටා අතර විවිධ රස සොයන රසවතුන් සොයන වෙනස්ම ක්‍රමයේ ආහාර සංස්කෘතීන් විටින් විට අපට මුණගැසේ. පසුගිය සතියේ ‘ප්‍රණීත’ හරහා දේශීය ආහාර වේලක රස පහස විඳි අපි අද සූදානම් වෙන්නේ විවිධ රටවල අත්හදා බැලූ නමුත් ශ්‍රී ලංකාවේ අඩු වියදමින් සකසා ගත හැකි ආහාර වර්ග කිහිපයක් පිළිබඳයි.

පෑන් කේක් කිව්වම ලොකු පොඩි කොයි කවුරුත් කැමැතියි. පැණි පොල් පිරවූ පෑන් කේක් රස බැලූ ඔබට වියට්නාම් පෑන් කේක් වලත් රස බලන්න දැන් අවස්ථාව ලැබෙනවා. මේ ආහාර වට්ටෝරුව ඔබත් සාදා බලන්න.

වියට්නාම රසට හැපෙන පෑන් කේක් හදන්නේ මෙහෙමයි.

සහල් පිටි කෝප්ප ග්‍රෑම් 200ක්

කහ තේ හැන්දක් පමණ

සීනි තේ හැඳි 1ක්

මුහුදු ලුණු තේ හැඳි 1/2ක්

පෝල් කිරි මිලි ලීටර් 400ක්

සෝඩා වතුර මිලි ලීටර් 250ක්

ලුනු කොළ 8ක් පමණ (සුදු කොටස ඉතා සිහින්ව ද, තද කොළ කොටස සිහින්ව ද කපා ගන්න)

කුකුළු මස් ග්‍රෑම් 250ක් (පපු කොටස)

එළවළු හෝ පොල්තෙල් තේ හැඳි 3ක්

බෝංචි කැබැලි ස්වල්පයක්

කුඩාවට කපා ගත් පිපිඤ්ඤා කැබැලි කිහිපයක්

සිහින්ව කපාගත් දිග රතු මිරිස් 2ක්

අච්චාරු ලෙස සකසා ගත් කැරට් ග්‍රෑම් 250ක්

කොත්තමල්ලි කොළ හෝ සලාද කොළ

බෙල් පෙපර් හෝ මාළු මිරිස් කරල් 1ක්

සිහින්ව තළාගත් සුදුලුනු, කරාබුනැටි

මාළු සෝස් මිලි ලීටර් 80ක්

කැස්ටර් සීනි ග්‍රෑම් 70ක්

දෙහි යුෂ තේ හැඳි 1ක් අවශ්‍ය නම්

ලෙමන් යුෂ තේ හැඳි 1ක්

අච්චාරු දමන ලද කැරට් (තරමක ප්‍රමාණයේ කැරට් 2ක්) , අමු ගස්ලබු හෝ අබ/ ඇඹරැල්ලා

ඩයිකොන් රාබු ග්‍රෑම් 350ක් (රාබු 1ක්)

ලුණු තේ හැඳි 3

සීනි ග්‍රෑම් 80ක්

විනාකිරි මිලි ලීටර් 125ක්

 

දැන් මේ විදියට හදාගන්න.

විශාල භාජනයක් තුළට සහල් පිටි, කහ, සීනි සහ ලුණු දමන්න. පොල් කිරි එකතු කරන්න. ඉන්පසු සෝඩා වතුර සහ ලූණු කලවම් කරන්න. මඳක් ඝනවීම සඳහා විනාඩි 30ක් ශීතකරණයේ තබන්න.

 

සාස්පානකට වතුර දමා එය හොඳින් නටන විට කුකුළු මස් එකතු කර උණු කරන්න. හොඳින් වැසෙන පියනකින් මෙය වසාගන්න. විනාඩි 11කින් පමණ මෙය බාගන්න. කුකුළු මස් පිඟානකට දමා, විනාඩි 10කින් පමණ පසුව තීරුවලට කඩා ගන්න. ඉන්පසු ශීතකරණයේ තබා ගත් මිශ්‍රණය මෙයට එක් කරන්න.

 

පෑන් කේක් එක සඳහා

(Nuoc cham සඳහා) මිරිස් සහ සුදුලූනු වංගෙඩියකට දමා කොටා ගෙන පේස්ට් එකක් සාදා ගන්න. එය බඳුනකට මාරු කරන්න. අමුද්‍රව්‍ය සහ ජලය තේ හැඳි 2ක් එකතු කරන්න. ඉන් අනතුරුව සීනි හොඳින් දියවනතුරු කලවම් කරන්න. කැමැත්ත අනුව මාළු සෝස් හෝ දෙහි යුෂ සමඟ ආහාරයට මෙය ගත හැකිය. මෙම බැටර් එක පසෙකින් තබාගන්න.

 

පෑන් කේක් සෑදීම සඳහා සෙන්ටිමීටර් 26ක පෑන් එකක් ගෙන එයට තෙල් තේ හැඳි 1/2ක් එකතු කර, පෑන් එක රත් කරගන්න. පෑන් එකට වැඩිපුර තෙල් එකතු කරන්න එපා.

 

පෙර සාදාගත් බැටර් එකින් මේස හැඳි1ක් පමණ පෑන් එකට දමා හොඳින් තුනී වන සේ (ආප්පයක් ලෙස) සාදා ගන්න. දැන් පෑන් කේක් එකේ පැහැය වෙනස් වනවිට පෙර සකසා ගත් මිශ්‍රණයෙන් කොටසක් දමාගන්න. මිනිත්තු 3කට පමණ පසුව ඡායාරූපයේ ආකාරයට නවාගන්න. මෙය නොකැඩෙන සේ බා ගන්න. එය උණුසුම්ව තබා ගැනීම වඩාත් සුදුසු වේ. ඉතිරි මිශ්‍රණයෙන් ද මෙලෙස සාදාගන්න.

 

කුකුළු මස්, ලුනු ගස්, බෝංචි, පිපිඤ්ඤා, මිරිස්, අච්චාරු දමන ලද කැරට් යන ආදිය දමා අලංකාර කර පෑන් කේක් සහ nuoc cham සමඟ පිළිගන්වන්න.

THarunie