Thursday, May 14, 2026
Follow Us
State

ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

State

දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත් ස්ථාවරව ඉදිරියට යමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිදහස් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

State

නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

State

 77 වන ජාතික නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා ඇති සියලුම සුරාසැල් හෙට (04) වසා තැබීමට තීරණය කර තිබේ.

State

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300 ක් ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟත්වය පළ කර ඇති අතර එම මුදල් බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල පළාත්පාලන ආයතනයන් හි කසළ කළමනාකරණ ධරිත්වය වැඩි කිරීමට Garbage Compactors 28ක් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

State
එක්සත් අරාබියේ එමීර් රාජ්යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 2025 ලෝක රාජ්ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්යයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්යවරු පත් කර තිබේ.
State

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

State

Under the provisions of the Right to Information Act No 12 of 2016, the Constitutional Council calls for nominations from organizations of publishers, editors and media persons, to be recommended for appointment as a member of the Right to Information Commission to fill the vacancy that has arisen in respect of a member to be nominated by the organizations of publishers, editors and media persons, as stipulated in the relevant Law.

State

සහල් සඳහා පවතින පාලන මිල කිසිසේත්ම වෙනස් කිරීමක් සිදු නොකරන බවත් ගොවියාට වී සඳහා සාධාරණ සහතික මිලක් වී අලෙවි මණ්ඩලය ප්‍රකාශයට පත්කළ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

State

අපොස සාමාන්‍ය පෙල විභාගයේ 2024 (2025) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

State

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

State

මෙවර අපි සමරන්නෙ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන බවත් අප ‍ගමන් කරමින් සිටින්නේ නූතන දේශපාලන ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට මාතෘ භූමිය පත් කරන ගමනක් විය හැකි බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

State

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත සඳහා ප්‍රධාන ලේකම්වරු පත් කර ඇත.

State

2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිවේදනය කළේය.

State

සෑම දෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ සියලු දෙනාගේ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනඟන බවට පොරොන්දු වන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසයි.

State

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සේවා ලාභීන්ගේ ලිඛිත පැමිණිලි පමණක් කඩිනමින් ලබා ගැනීමට 071 40 33300 whatsapp අංකයක් ද හඳුන්වා දී තිබේ.

State

පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සිල්ම­ාතාවන් 822, 300ක් සඳහා පාසල් පාවහන් යුගලක් මිල දී ගැනීමට රුපියල් 3000ක තිළිණ පතක් ලබා දීමට රජය තීරණය කර තිබේ.