Thursday, May 22, 2025
Follow Us
කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12.00 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ, සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ සිදුකරන ලද හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු අවසන් කර ඇති බැවින් මෙලෙස සේවාවන් ආරම්භ කළ බවයි.

සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද සිට ලබන 23 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටු වන බව එම දෙපාර්තමේන්තුව මින් පෙර නිවේදනය කර තිබුණි.