Saturday, May 17, 2025
Follow Us
දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය වැසෙන දිනය
ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා දිවෙන මහාමාර්ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් සිදු කිරීමට නියමිත බැවින් 2025. 05. 24 දින පෙ.ව. 9.00 සිට 2025. 05. 25 දින පෙ.ව. 6.00 දක්වා එම හරස් මාර්ගයේ වාහන ගමනාගමනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 මෙම කාලසීමාව තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදු වන අපහසුතා අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.