Monday, February 02, 2026
Follow Us
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් කර තිබේ.

ඒ යම් සිසුවෙක්ට එම විභාග 02ටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම් ඔවුන්ට අ. පො. ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවයි.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.