පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම සඳහා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත රාත්‍රී කාලයේ දී රථවාහන දඩ පත්‍රිකා ගෙවීමේ පහසුකම දිවයින පුරා පිහිටි රාත්‍රී සේවා වාර සහිත තැපැල් කාර්යාල මගින් 2024.03.18 සිට ලබා දීමට කටයුතු යොදා ඇතැයි තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී. සත්කුමාර මහතා නිවේදනය කර ඇත.
හෙට (25) සිට දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු ම පාසල් දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් විසින් උපදෙස් ලබා දී ඇති අතර එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත් කර තිබේ.
නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදු කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඇහැළේපොල වලව්ව හා ඊට අයත් භූමිය පුජා ඔප්පුවක් මගින් ශ්‍රි දළදා මාළිගාව වෙත පවරාදීම පිනිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව විසින් වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සමුළුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සමන්තුරේ මුලික රෝහල් තෙමහල් ගොඩනැගිලි සංකීර්ණ ව්‍යාපෘතිය මාස 02 ක් ඇතුලත අවසන් කර ජනතා අයිතියට පත්කිරීමට පියවර ගෙන තිබේ.
රැකියා විරහිත උපාධිධාරීන් 2700ක් විද්‍යාව, ගණිත, තාක්ෂණ විෂය ධාරාවන්ගෙන් බඳවා ගැනීමට පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල මේ සතියේ ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජාතික අවම වැටුප වැඩි කිරීමට රජය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක , ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රිය අනතුරු වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබා දීමේ වැඩපිළිවෙලද මාර්තු 01 වනදා ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන් සේවා අධිකාරිය සහ සංචාරක අමාත්‍යාංශය හා එක්ව මෙරට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපළෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා දීමට අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්‍යාපන විද්‍යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත් උපාධිධාරීන් සිටින්නේද අතලොස්සක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා විසඳුම් වශයෙන් දැනට ඌව සහ මධ්‍යම පළාතේ සිටින උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ පළාත් බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටි බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් ඇති ගුරු සහායකයින් පන්සියයක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට අවසර ලබා දී ඇති බවත් ඔවුන් වසර තුනක් ඇතුළත ගුරු මධ්‍යස්ථාන මගින් ඩිප්ලෝමා මට්ටමින් පුහුණු කර පාසල් වෙත යොමු කිරීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තවද ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහයකින් 2,535 ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
එළඹෙන මැයි මාසය වන විට ඒ අනුව එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂිත බවද තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයෙන් වෙන් කල මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබේ.
හදිසි ඖෂධ මිලදී ගැනීම සම්පූර්ණයෙන් නතර කොට එය ප්‍රසම්පාදන පටිපාටිය ඔස්සේ සිදුකිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
Page 26 of 621