රටේ ඉන්ධන අර්බුදයක් පවතින බැවින් අතිරේක ලීටර් 200 ක ඉන්ධන තොගයක් සෑම විටකම පවත්වාගෙන යන්නැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපතිවරයා සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත නිළ වශයෙන් දැනුම්දී තිබෙනවා.
Ruling out default or immediate rescheduling, Finance Minister Basil Rajapaksa yesterday assured the public and the private sector that essential imports would be sourced whilst servicing the country’s debt.
නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් අද වැඩ භාර ගැනීමට නියමිතයි. ඔහු මෙලෙස ජනාධිපති ලේකම් ධූරයට පත් කෙරුණේ ආචාර්ය පී.බී. ජයසුන්දර එම ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟයි.
විදුලිය නිෂ්පාදනය වඩා ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවය ලබා දියයුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
එළඹෙන මාර්තු මාසයේ සිට මාස 05ක කාලයක් දක්වා උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, එම මාර්ගයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව කොළඹ සිට ධාවනය වන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා සීමා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති දැවිතෙල් සහ ඩීසල් තොග අදින් (18) අවසන් වන බව විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.
කොවිඩ් වෛරසය ආසාදිතව හෝ නිරෝධායනය වෙමින් සිටින හෝ රෝග ලක්ෂණ පෙන්නුම්කරන හෝ දරුවන්ට ද මෙවර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදාකර දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් ඉකුත් දින තුන තුළ පමණක් ජාතික සත්ත්වෝද්‍යානයට අයත් ආයතනවලට රුපියල් කෝටිය ඉක්මවූ ආදායමක් ලැබී ඇති බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුව පවසනවා.
අනිද්දා තෙක් අඛණ්ඩව විදුලි සැපයුම පිළිබඳව සහතික කළ හැකි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. දැවිතෙල් මෙට්‍රික් ටොන් 3000 ක් කැලණිතිස්ස බලාගාරය වෙත ලැබී තිබෙන බැවින් විදුලිය නිෂ්පාදනය අඛණ්ඩව සිදුකළ හැකි බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
Page 233 of 641