අන්තර්පළාත් මාර්ග 17ක් සඳහා සුඛෝපභෝගි සේවාවක්
අධිවේගී මාර්ග ඔස්සේ අන්තර්පළාත් මාර්ග 17ක් සඳහා සුඛෝපභෝගි බස්රථ සේවාවන් 25ක් ධාවනයට එක්කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට එම බස් සේවාව ක්‍රියාත්මක වන බවයි.
එම මධ්‍යස්ථානයේ සිට මාකුඹුර සිට මොණරාගල, බදුල්ල, ඇඹිලිපිටිය, අම්පාර, අක්කරෙයිපත්තු, මහනුවර, මුලතිව්, අනුරාධපුරය, කුරුණෑගල, මඩොල්සිම, වවුනියාව, මඩකලපුව, කදුරුවෙල, කරාඩුගල යන ගමනාන්ත දක්වා මෙම බස් සේවාවන් ක්‍රියාත්මක වේ.
මාකුඹුර සිට අධිවේගි මාර්ගය ඔස්සේ ගාල්ල හා මාතර නගර සඳහා පමණක් මෙතෙක් බස් රථ සේවාවාන් ක්‍රියාත්මක වූ අතර මෙම නව බස් සේවාවාන් සමග කොළඹ නගරය තුල පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලැබෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරයි.
මෙම දුරගමන් සේවා ලබා ගන්නා මගී ජනතාවට තම වාහන නවතා තැබීමේ පහසුකම්ද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සලසා තිබේ.
(Aruna)