Monday, February 16, 2026
Follow Us
විභාග කොමසාරිස්ගෙන් දැනුම් දීමක්

උසස් පෙළ ශාලාධිපතිවරුන්ට නිත්‍ය නියෝගයක්


උසස් පෙළ විභාගය පැවැත්වීමේදී තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් සකස් කර ප්‍රදර්ශනය කරන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන්ට නිත්‍ය නියෝගයක් පනවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා අවධාරණය කරයි.

31 පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා මේ බව පැවසීය.

ඒ අනුව විභාගය පවත්වන අවස්ථාවේදී පන්ති කාමරය භාරව සිටින ගුරුවරුන් හරහා නියමිත වේලාව දැනගෙන සිය ඔරලෝසුවේ වේලාව නිවැරදිව සකස් කරගන්නා ලෙස විභාග කොමසාරිස් ඉල්ලා සිටියි.

“පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී චෝදනාවක් ආවා විභාග දෙපාර්තමේන්තුවට. මධ්‍යස්ථාන තුන හතරක එක්කෝ උත්තර පත්තරය වේලාසනින් එකතු කරලා. නැත්නම් ප්‍රමාද වෙලා දුන්නා කියලා. ඒ නිසා අපි මෙවර නිත්‍ය නියෝගයක් පනවල තියෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා හැටියට සියලුම ශාලාධිපතිවරුන්ට.තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රෝනික ඔරලෝසුවකින් සකස් කරගන්න ඕන. ඒ වගේම වේලාව ප්‍රදර්ශනය කරන්න ඕන.”

මේ අතර උසස් පෙළ විභාගය සම්බන්ධ යම් ගැටලුවක් පවතීනම් 1911 දුරකථනය අංකය අමතන ලෙසද එල්.එම්.ඩී. ධර්මසේන මහතා මෙහිදී ඉල්ලීමක් කර තිබේ.

මීට අමරතව 011 2 784 208 / 011 2 784 537 යන අමතන ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සදහන් කළේය.

(Aruna)