Monday, February 16, 2026
Follow Us
උ/පෙළ ටියුෂන් අදින් අවසන්

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම යනාදිය අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2021-2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 07 වන දින සිට මාර්තු මස 05 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 කු විභාග මධ්‍යස්ථාන 2,438කදී විභාගයට පෙනී සිටීමට නියමිතව තිබේ.

උසස් පෙළ විභාගය පැවැත්වීමේදී වේලාව නිවැරදිව ප්‍රදර්ශනය කරන ලෙස සියලු විභාග ශාලාධිපතිවරුන්ට නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.

(Aruna)