Monday, February 16, 2026
Follow Us
නොරෝච්චෝලේ නවතී - ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක්

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතත් අක්‍රිය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකවරයා පැවසුවේ.

එම විදුලි ජනක යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරමෙන් පසු ඊයේ දිනයේදී එය ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බවයි ඔහු සඳහන් කර සිටියේ.

මෙම අක්‍රිය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක විදුලිබලයක් අහිමි වන බවද විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.

මේ හේතුවෙන් මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සපැයුම බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)