සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට ( 19 ) ලබනස 24 වෙනි සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරයි.
දැනටමත් ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය බලතල සහිත ස්වාධීන ආයතනයක් වශයෙන් 'GovTech (Pvt) Limited' නමින් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.
කම්කරු දෙපාර්තමේන්තුව මගින් සේවා සපයක සේවක අරුථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් හෙට (21) සිට මැයි 23වැනිදා දක්වා අත්හිටුවන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, පුළුල් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සීමිත වගකීම් සමාගමක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
විසඳුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත්කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් කර තිබේ.
සුඛ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මැයි මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දිමනාව මැයි 22 දින සිට අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12.00 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
Page 21 of 642