හෙට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් 159 වන පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් හෙට (03) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය මඟින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.