Friday, September 25, 2026
Follow Us
State
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
State

අලි ඇතුන්ට වෙඩි තැබීම් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් සිදු කර අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත්අඩංගුවට  ගෙන නීතිමය කටයුතු සිදු කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාක්මක කරන ලෙස පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර්.උඩුවාවල මහතා  විසින් වැඩබලන පොලිස්පතිට ලිපියකින් ඉල්ලීමක් කර  තිබේ.

State

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

State

“කඩොලානට දලුලන්න ඉඩදෙන්න” කඩොලාන වනාන්තර රක්ෂිත කිරීමේ වැඩසටහන ඊයේ  (26) පාලවිය, කරඹ දී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්‌ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

State
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා දෙකක් වන ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (HNDQS) සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව (HNDE) පාඨමාලාව සඳහා NVQ 6 මට්ටමේ සමානතා තත්ත්වය ප්‍රදානය කිරීමට අනුමැතිය හිමි වී තිබේ.
State

සාප්පු හා කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

State
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලෙස සකස් කරන ලද PDF ගොනුවක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
State

ජූලි මස 26 දිනට යෙදි ඇති ජගත් කඩොලාන දිනයේදී කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පැවසීය.

State
මෙරට වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක ‘‘වනස්පති ‘’ ජාතික වැඩසටහන අද (15) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ, සහ විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී ආරම්භ කෙරිණි.
State
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
State

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - 2025 අගෝස්තු 10 ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

රට පුරා පවතින ද්විතීයික සත්කාර රෝහල්වල ගුණාත්මකභාවය සහ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහන සඳහා ප්‍රතිඵල පාදක අයවැය සහාය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.

State
පොතුහැර අමුණුගම දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියාව හේතුවෙන් ජූලි 31 හා අගෝස්තු 01 -පැය 09.00 සිට පැය 18.30 දක්වා අගෝස්තු 02 - පැය 09.00 සිට අගෝස්තු 03 පැය 06.00 දක්වා අගෝස්තු 03 පැය 09.00 සිට එදින පැය 18.30 දක්වා මහා මාර්ගය වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
State

දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

State

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ “වනස්පති” – ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

State

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේත් සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේත් සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත. 

State

පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

State

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට ලබන 28වනදා දක්වා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.