Tuesday, May 06, 2025
Follow Us
State

වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්වය මත පහත සඳහන් පළාත්වල, දිස්ත්‍රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (04) පාසල් නොපැවැත්වීමටත් සෙසු පළාත්වල හා කලාපවල හෙට සිට සාමාන්‍ය  පරිදි පාසල් පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

State

වහාම ක්‍රියාත්මක වනපරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

State

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන – 2024/2025 සඳහා අයදුම්පත් භාර ගැනීම ජුනි මස 07 වන දා දක්වා දීර්ඝ කර ඇත.

State
 පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට එනම් ජූනි 03 දින නොපවැත්වෙන බව අධ්යාපන අමාත්යාංශය මෙයින් නිවේදනය කරයි
State

මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කර තිබේ. 

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම නියෝග 2024 ස්ථීර වාස වීසා පත්‍ර නියෝග ලෙස හදුන්වා ඇති බව සඳහන් වෙයි.

 

2024 මැයි මස 7වන දිනැති අංක 2383 / 17 දරණ ගැසට් පත්‍රය මගින් මීට අදාළ අයදුම් පත්‍රය ඉදිරිපත් කර තිබේ.

http://www.documents.gov.lk/files/egz/2024/5/2383-17_S.pdf

State

“උරුමය ” වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක් ආවරණය වන පරිදි සින්නක්කර ඉඩම් ඔප්පු 700ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ වවුනියාව මෝජෝ උත්සව ශාලාවේ දී සිදු විය.

State

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාල අයදුම්පත් ජූනි 3වැනි දා සිට භාර ගනු නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

කොවිඩ් සහ ආර්ථික අර්බුධය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

State

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

State

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා අවට පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇත.

State

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

State
  • ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි.
  • උතුරු පළාතේ නිවාස ඉදිකිරීම වෙනුවෙන් ලබන වසරේදී මුදල් වෙන් කරනවා – “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කරමින් ජනපති පවසයි.
State

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

State

සමෘද්ධි ප්‍රජා මූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීම සඳහා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

State
හම්බන්තොට දිස්ත්රික්කයේ තිස්සමහාරාම මුලික රෝහලේ රුපියල් මිලියන 50 ක වියදමින් ස්ථාපිත කරන ලද නව ඔක්සිජන් උත්පාදන බලාගාරය (OXYGEN GENERATION PLANT) සෞඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
State

තවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය, යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේ පැවසුවේය.

State

ජගත් පරිසර දිනය ජුනි මස 05 වනදාට යෙදී තිබේ. ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය ‘’ එලදායි භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක් ’’යන තේමාව යටතේ සැමරීමට කටයුතු යොදා තිබේ.  ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව ජාතික පරිසර සතිය 2024 මැයි 30 සිට ජූනි 05 දක්වා ප්‍රකාශයට පත් කර ඇති අතර එම සතිය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර තිබේ. පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන මගින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

State

යාපනය විශ්වවිද්‍යාලයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.