Monday, February 02, 2026
Follow Us
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයක් අදත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙනි.

අද (24) උදෑසන 5.15 ට ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කළ බව ද වාර්තා වෙයි.

මරදාන සිට ගාල්ල බලා දහවල් 12.10 ට ධාවනය වීමට නියමිත දුම්රිය ද, අවලංගු කර තිබේ.

ගාල්ලෙන් අද උදෑසන 5 ට කොළඹ බලා ධාවනය වන දුම්රිය, පැය එක හමාරක් ප්‍රමාද වනු ඇත.

ගාල්ලෙන් උදෑසන 4.10 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය පැය 4 යි විනාඩි 40 ක් ප්‍රමාදවී ගමන් ආරම්භ කරන බව ද, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.