මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයක් අදත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙනි.
අද (24) උදෑසන 5.15 ට ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කළ බව ද වාර්තා වෙයි.
මරදාන සිට ගාල්ල බලා දහවල් 12.10 ට ධාවනය වීමට නියමිත දුම්රිය ද, අවලංගු කර තිබේ.
ගාල්ලෙන් අද උදෑසන 5 ට කොළඹ බලා ධාවනය වන දුම්රිය, පැය එක හමාරක් ප්‍රමාද වනු ඇත.
ගාල්ලෙන් උදෑසන 4.10 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය පැය 4 යි විනාඩි 40 ක් ප්‍රමාදවී ගමන් ආරම්භ කරන බව ද, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.