කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිසි ඇඳිරි නිතිය පැනවූ බව නිවේදනය කර සිටියි.
ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පණිවිඩය සාවද්‍ය බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.
තම ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා (08) ප්‍රකාශ කර තිබේ.
රට තුළ උද්ගතව ඇති ආර්ථික හා සමාජයීය අර්බුදකාරී තත්ත්වය සහ නොසන්සුන්කාරී ස්වභාවය සැලකිල්ලට ගෙන බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව එය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ගෑස් තොග රැගෙන මෙරටට ලගාවීමට නියමිත නෞකා 02 ක් සඳහා අද දිනයේදී මුදල් ගෙවීම සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3500 බැගින් රැගෙන නෞකා 02 ක් මෙම සතියේදී මෙරටට ළගාවීමට නියමිත බවයි. ඒ අනුව අදාළ නෞකා 02 සඳහා ගෙවන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 07 ක්.
ලංකාවේ ජනතාවගේ චිත්තවේගය ඉහළ මට්ටමක පවතින බවත් සංයමයෙන් කටයුතු කරන ලෙසත් ප්‍රචණ්ඩත්වයෙන් පමණක් ප්‍රචණ්ඩත්වය පමණක් ඇති කරන බව මතක තබා ගන්නා ලෙසත් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව බූස්ටර් මාත්‍රාව ලබාගෙන මාස 03 ක කාලයක් සම්පූර්ණ වී ඇති වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සිව්වන මාත්‍රාව ලබාගත හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.
අද (09) දිනයේ අරලියගහ මන්දිරයට රැස්ව සිටි විශාල පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.
Page 196 of 647