Saturday, February 14, 2026
Follow Us
ඉන්ධන මිල ඉහළ දමා ඇති බවට පළවන වාර්තාවලට ඇමති කංචනගෙන් ප්‍රතිචාර

ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පණිවිඩය සාවද්‍ය බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හෝ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් ඉහළ දමා නොමැති බව ද එම ට්විටර් පණිවිඩයේ සඳහන්. ජනතාව නොමග යවන අයුරින් අසත්‍ය පුවත් පළ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් ආශ්‍රිතව අද අලුයම ද දිගු පෝළිම් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

(Neth)