Saturday, February 14, 2026
Follow Us
වැඩිහිටියන්ට සිව් වන මාත්‍රාව අද සිට

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව බූස්ටර් මාත්‍රාව ලබාගෙන මාස 03 ක කාලයක් සම්පූර්ණ වී ඇති වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සිව්වන මාත්‍රාව ලබාගත හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාව ලබාගෙන මාස 03 ක් සම්පූර්ණ වී ඇති ඇති වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්ට ද අද සිට සිව්වන මාත්‍රාව ලබාගැනීමට හැකියාව පවතිනවා. එමෙන්ම වයස අවුරුදු 12 ට වැඩි කොරෝනා මර්දන එන්නතේ පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති දරුවන්ට දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙහිදී අදහස් පළ කළා.

(Neth)