ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා හෙට (9) සිට යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ සාමාන්‍ය සේවා නවතා තිබූ බවයි.
කෙසේ වෙතත් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව සදුදා දින ආරම්භ නොවන බව එම නිවේදනයේ සදහන් වේ.
ඒ අනුව සඳුදා දිනයේ භාරගැනීම සිදුකරන්නේ ලබන්නේ මැයි මස 5, 6 සහ 9 යන දිනවලදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් සහ මැයි 5 දින සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් භාර දීමට පැමිණ දෙපාර්තමේන්තුව වෙතින් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත් පමණි.
මැයි 10 වෙනිදා සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය වේ.
මීට අමතරව, http://www.immigration.gov.lk/ වෙබ් අඩවිය වෙත පිවිස හෝ 0707101060 යන දුරකතන අංකය ඇමතීමෙන් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සිදු කළ හැකියි.
(aruna)