ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්
ලබන සතියේ සිට පැය 10ක කාලයක් දිවයිනේ සියලු ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදු කරන බවට වන පුවතක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශ කළ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් සංසරණය වේ
අප මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් කල විමසීමක දී ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කලේ එම පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, විදුලිබල මණ්ඩලය මගින් ඒ අයුරින් කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.
(Aruna)