Thursday, February 12, 2026
Follow Us
සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්


ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් 1,300ක ප්‍රමාණයෙන්, පිරවුම් හල් 600ක් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම් දෙකකට දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි.

එම එක් සමාගමකට පිරවුම්හල් 300 බැගින් සමාගම් දෙකට පිරවුම්හල් 600ක් ලබා දීමට ඒ අනුව කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා පැවසුවේය.

නීතිගත සංස්ථාව සතු 90%ක ඉන්ධන පිරවුම් හල් ප්‍රමාණයෙන් 70%ක් තෙල් නිෂ්පාදිත රටවල සමාගම්වලට හිමිවීමට නියමිත බව ද එම නිසා මෙරට බලශක්ති ක්ෂේත්‍රය රටට අහිමි වීමේ අවදානමක් ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසිය.

පසුගිය ජුනි (26) වන දා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම කටයුතු සකස් කර ඇතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

Aruna