Thursday, February 12, 2026
Follow Us
ස්වර්ණමය පාරාදීසය වීසා වැඩසටහනේ ප්‍රමාදයට ඉක්මනින් පිළියම් …

ධම්මික පෙරේරා මහතා අමාත්‍ය ධුරයට පත්වීමට පෙරදී රජයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරෙන “ස්වර්ණමය පාරාදීසය” වීසා වැඩසටහන ඔස්සේ මෙරටට විදේශ විනිමය ගෙන්වා ගැනීම තවමත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ, එම මුදල් තැන්පතු භාරගැනීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් වාණිජ බැංකුවලට තවමත් අනුමැතිය ලබා නොදීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් මහබැංකු නිලධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබාදීමට ක්‍රියාකරන බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

LNW