Thursday, February 12, 2026
Follow Us
එනකොට යන්නත් එක්ක තෙල් ගේන්න - ශ්‍රී ලංකාව විදෙස් ගුවන් සේවාවලට දන්වයි

රට තුළ පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ගුවන්යානාවලට යළි පිටත්වීම සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත රැගෙන එන ලෙසට අදාළ ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබෙනවා. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි පැවසුවේ එවන් පසුබිමක් තුළද දිනකට සාමාන්‍යයෙන් ගුවන් යානා 105 ක් පමණ දිවයිනට පැමිණ, ආපසු පිටත්ව යන බවයි.

ඒ අනුව අවම වශයෙන් ගුවන් මගීන් 10,000 බැගින් දිවයිනට පැමිණීම සහ පිටවීම දෛනිකව සිදුවෙමින් පවතිනවා.

කෙසේවෙතත් පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් කාර්යමණ්ඩලය සේවයට කැදවීම සීමා කරඇති බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ අතර රටතුළ ඇති ගුවන් යානා ඉන්ධන සහ භූමිතෙල් සංචිතය මෙට්්‍රක් ටොන් 800 ක් දක්වා අඩුවී ඇති බවයි නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ.

Neth