ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම හෙට (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින්අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැගෙන ලෙස ව්‍යාජව සකස් කරන ලද ඡුායාරූප හා ව්‍යාජ ප‍්‍රවෘත්තීන් සම්බන්ධ මාධ්‍ය නිවේදනයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිකුත් කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමණ පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 2024 සහ2025 ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම හෙට (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය මගින් සිසුන්ට අවශය තොරතුරු දැන ගැනීමට හැකි වේ.
වෙබ් අඩවිය : http://www.ugc.ac.lk

2025 වර්ෂයට අදාල රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වේ.
159 වන පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් හෙට (03) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයක් අදත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් දෙපාර්තමේන්තු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාවට /රාජ්‍ය /පෞද්ගලික ආයතනවලට සිදුවන අපහසුතා අවම කරගැනීම සඳහා තැපැල්පති ආර්.පී. සත්කුමාර මහතා දැනුවත් කිරීමක් කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගය සමග පියවරක් ඉදිරියට තැබුවේ පියවර දහසක් ඉදිරියට යාමේ අරමුණින් බවත්, සියලු දෙනා තැබු එම විශ්වාසය සුරකිමින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනඟන තුරු එම දෑත් අත් නොහරින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
2025. 08. 23 සහ 24 යන දිනයන්හි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දූව සහ බූස්ස අතර දුම්රිය මාර්ගයේ අත්යවශ්ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම නිවේදනය පහත සඳහන් වේ.

අධ්‍යාපනය ගුණාත්මකව සංවර්ධනය කිරීම සඳහා වන නව රජයේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීමේ අරමුණින් විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත පුද්ගලයන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාව මත අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා පත් කළ ස්වේච්ඡා උපදේශන සභාවේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
එම පත් කිරීම් සිදු කරන ලද්දේ සෑම අමාත්‍යවරයෙකුට ම ස්වකීය කාර්යය හා කර්තව්‍යයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහය වීම පිණිස උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගැනීමට ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් හා නිර්දේශවලට අනුකූලවයි.
එම උපදේශන සභාවේ සාමාජිකයින් ලෙස
• පූජ්‍ය මොරකන්දේගොඩ ආරියවංශ හිමි - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රුහුණ විශ්වවිද්‍යාලය
• මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා මහතා- සම්මානිත මහාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
• මහාචාර්ය ශ්‍යාමනී හෙට්ටිආරච්චි මිය - මහාචාර්ය, ආබාධිතතා අධ්‍යයන අංශය,
වෛද්‍ය පීඨය, කැළණිය විශ්වවිද්‍යාලය
• ආනන්ද ගලප්පත්ති මහතා - ළමා වර්ගවාදය හා ගෝලීය සෞඛ්‍ය පිළිබඳ
ලැන්සෙට් (Lancect) කොමිෂන් සභාවේ කොමසාරිස්
• ආචාර්ය සෙන්ගරපිල්ලෙ අරිවලහන් මහතා - සංඛ්‍යානය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය.
යාපනය විශ්වවිද්‍යාලය
• වෛද්‍ය සයුරි රුවන්මලී පෙරේරා මහත්මිය - මනෝචිකිත්සාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාය, පේරාදෙණිය වෛද්‍ය පීඨය සහ මනෝ චිකිත්සක පිළිබඳ උපදේශක,
පේරාදෙණිය ශික්ෂණ රෝහල
• ධම්මික අලහප්පෙරුම මහතා -සභාපති, ලංකා ගුරු සේවා සංගමය
• රමිඳු පෙරේරා මහතා - කථිකාචාර්ය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
• රත්නායක කරුණාසිරි මහතා -විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ
• වෛද්‍ය වයි. එච්. ශෂිදර ද සිල්වා මහතා - වෛද්‍යවරුන් සඳහා වන ක්‍රීඩා
වෛද්‍ය යෝග්‍යතා ජාතික පුහුණු වැඩසටහනේ සම්පත් දායක
• ටී.ජෝන් ක්වින්ටස් මහතා - විශ්‍රාමික අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්
• ටී. එම්. ප්‍රේමවර්ධන මහතා - විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ
• ආචාර්ය ජානක ජයලත් - ජේෂ්ඨ කථිකාචාර්ය වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය
• ආචාර්ය වසන්ත හේරත් - ආසියා පැසිපික් මුල් ළමාවිය සංවර්ධන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත.
යන මහත්ම මහත්මීහූ සාමාජිකයින් ලෙස පත්වීම් ලබා ගත්හ.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව කටයුතු කළ, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ වර්තමාන පොලිස් ක්ෂේත්ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් හියාරේ ගමගේ අල්ලස් හා මුදල් විශුද්ධිකරණ චෝදනා මත අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Page 15 of 642