Friday, November 28, 2025
Follow Us
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ විශේෂ ප්‍රකාශය

ලංකාව පුරා බලපවත්වන අයපත් කාලගුණ තත්ත්වය නිසා රටේ විදුලි සැපයුම බොහෝ ප්‍රදේශවල අඩාල වෙමින් පවතින 

විශේෂයෙන්ම මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ගස් කඩා වැටීම්, කනු කඩා වැටීම්. ඒ වගේ අනතුරු ගොඩක් සිදුවෙමින් පවතිනවා.අද උදෑසෙන විට විදුලි බිඳ වැටීම් 65,000කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා.ඒකෙන් දැන් 26,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත් කරලා තියෙනවා.

හැම තැනකම වර්ෂාව බොහොම ඉහලින් වාර්තා වෙනවා.විශේෂයෙන්ම සියලුම බලාගාර ආශ්‍රිත ජලාශ බහුතරයක් වාන් දමමින් පවතිනවා . අපි ඒවා හැම දෙයක්ම පාලනය කරගන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.


යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සහ අභියෝග


වැඩි වැඩියෙන් අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදවමින් කාර්යක්ෂමව මේ සියලු බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු, ලංකා විදුලි මණ්ඩලයේ පාලනාධිකාරිය වගේම සියලුම සේවකයන්ගේ මැදිහත් වීම් මත සිදුවීම් පවතිනවා.


කෙසේ වෙතත්, මේ බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමටත් මේ කාලගුණ තත්ත්වයම බලපෑම් එල්ල කරමින් තිබෙනවා.දැඩි සුලඟ සහ වර්ෂාව නිසා ගස් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතුද යම් මට්ටමකට ප්‍රමාද වෙමින් පැවතියත් අපගේ උපරිම සේවාව ජනතාව වෙත ලබාදීමට කටයුතු කරමින් පවතිනවා.