ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර ලැබ ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (11) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
'Clean Sri Lanka' වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව අඩු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බද්ධ වූ, අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයක් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් එලැඹි තීරණයක් මත දැනට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය විසින්, ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) සමඟ පළාත් අධ්‍යාපන තොරතුරු පද්ධති සම්බන්ධීකරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් අගෝස්තු 12 දින අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී පැවැත්විණි.
අ.පො.ස.(උ.පෙළ) විභාගය - 2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා 2025 අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුල අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට 2025.08.07 දින සිට 2025.08.12 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අදින් (07) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
එම ගැසට් නිවේදය පහත සදහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජාතික විගණන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
WhatsApp ගිණුම් අනවසර ප්රවිශ්ඨයකට ලක් කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කර තිබේ.
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2025/ 2026 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවීම මේ දිනවල සිදු කෙරේ.
Page 16 of 642