Monday, February 02, 2026
Follow Us
අයහපත් කාලගුණය නිසා ජාත්‍යන්තර පාසල් වැසීමටත් උපදෙස්

ජාත්‍යන්තර පාසල් වසා දැමීමට එම පාසල්වල පාලන අධිකාරීන් වෙත උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව එම නිවේදනයේ සඳහන්.