Thursday, March 19, 2026
Follow Us
State

ඉදිරි දින කිහිපයේ දී දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

ජාත්‍යන්තර පාසල් වසා දැමීමට එම පාසල්වල පාලන අධිකාරීන් වෙත උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව එම නිවේදනයේ සඳහන්.

State
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇති 2025‑2034 දිගුකාලීන සම්ප්රේෂණ සැලැස්ම තුළ සම්ප්රේෂණ සංවර්ධන ව්යාපෘති කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර, ඒවා ප්රමුඛතා පදනම මත ක්රියාත්මක කිරීමට නියමිතයි 
State

අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසීය.

State

මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර තවදුරටත් එම ජලමට්ටම් ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

State
තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සේවකයින් 15 දෙනෙකුට වන්දි සහ ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය හා පූගොඩ පේෂකර්මාන්තශාලාවල රැකියා අහිමි වූ මෙතෙක් වන්දි ලබාගෙන නොමැති සේවකයින් 169 දෙනෙකුට ගෙවීම් සිදු කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
State

දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 93කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාර්තා වෙයි.

State

පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වයන් හේතු කොටගෙන හෙට (28) දින සිට නැවත කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කරන බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

State
රණවිරු දෙමාපියන්ට ලබාදෙන "මා පිය රැකවරණ දීමනාව" අත්හිටුවා ඇති බවට වන ප්රචාරය සාවද්ය බවත් එම දීමනාව අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්ෂක අමාත්යාංශය අවධාරණය කරයි.
State

සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද වක්‍ර බලපෑම් තවදුරටත් පවතිනවා- එබැවින් නිවෙස් කරා යාමෙන් වළකින්න

සහන කඳවුරුවල සිටින ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටි

State

අයහපත් කාලගුණය හේතුවෙන් කල් දමන ලද උසස් පෙළ විභාගය නැවත දෙසැම්බර් 7, 8, 9 දිනයන්වල පවත්වන බ  විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසුවාය.

State
මුල් ළමාවිය අධ්යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළිදැක්වීමේ උත්සවය අධ්යාපන උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය,අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් අද දින අධ්යාපන අමාත්යාංශයේදී පැවැත්විණි.
State

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.

State

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනටම අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.

State

උඩරට දුම්රිය මාර්ගය ගමනාගමන කටයුතු සඳහා යතාවත් කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

State

ලංකාව පුරා බලපවත්වන අයපත් කාලගුණ තත්ත්වය නිසා රටේ විදුලි සැපයුම බොහෝ ප්‍රදේශවල අඩාල වෙමින් පවතින 

විශේෂයෙන්ම මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ගස් කඩා වැටීම්, කනු කඩා වැටීම්. ඒ වගේ අනතුරු ගොඩක් සිදුවෙමින් පවතිනවා.අද උදෑසෙන විට විදුලි බිඳ වැටීම් 65,000කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා.ඒකෙන් දැන් 26,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත් කරලා තියෙනවා.

හැම තැනකම වර්ෂාව බොහොම ඉහලින් වාර්තා වෙනවා.විශේෂයෙන්ම සියලුම බලාගාර ආශ්‍රිත ජලාශ බහුතරයක් වාන් දමමින් පවතිනවා . අපි ඒවා හැම දෙයක්ම පාලනය කරගන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.


යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සහ අභියෝග


වැඩි වැඩියෙන් අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදවමින් කාර්යක්ෂමව මේ සියලු බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු, ලංකා විදුලි මණ්ඩලයේ පාලනාධිකාරිය වගේම සියලුම සේවකයන්ගේ මැදිහත් වීම් මත සිදුවීම් පවතිනවා.


කෙසේ වෙතත්, මේ බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමටත් මේ කාලගුණ තත්ත්වයම බලපෑම් එල්ල කරමින් තිබෙනවා.දැඩි සුලඟ සහ වර්ෂාව නිසා ගස් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතුද යම් මට්ටමකට ප්‍රමාද වෙමින් පැවතියත් අපගේ උපරිම සේවාව ජනතාව වෙත ලබාදීමට කටයුතු කරමින් පවතිනවා.

State
සියලූම පළාත් අධ්යාපන අධ්යක්ෂ, කලාප අධ්යාපන අධ්යක්ෂ, ප්රාදේශීය එක්රැස් කිරීමේ මධ්යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
State

 2025-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.