Tuesday, November 04, 2025
Follow Us
State

ජූලි මස 26 දිනට යෙදි ඇති ජගත් කඩොලාන දිනයේදී කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පැවසීය.

State
මෙරට වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීම සඳහා ක්රියාත්මක ‘‘වනස්පති ‘’ ජාතික වැඩසටහන අද (15) පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන්, පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ, සහ විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී ආරම්භ කෙරිණි.
State

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන්  ඉල්ලා සිටී.

State

5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගය - 2025 අගෝස්තු 10 ඉරිදා දිවයින පුරා විභාග මධ්යස්ථාන 2787 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

රට පුරා පවතින ද්විතීයික සත්කාර රෝහල්වල ගුණාත්මකභාවය සහ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහන සඳහා ප්‍රතිඵල පාදක අයවැය සහාය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.

State
"Clean Sri Lanka - 2025" වැඩසටහන යටතේ බස්නාහිර පළාත තුළ ඇති ජලාශ සහ ජල මාර්ග නිසි ලෙස හා පිරිසිදුව නඩත්තු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
State

දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

State

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ “වනස්පති” – ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.

State
2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/-ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
State

පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

State

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට ලබන 28වනදා දක්වා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

State
2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වන කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
State

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

State

අ.පො.ස උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය. 

State

නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්. ඒ.ප්‍රේමරත්න මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

State

සාප්පු හා කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

State

ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළමුවරට මෙරට ජාතික පර්යේෂණ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රමුඛතා ලබා දීම සඳහා තාවකාලික කමිටුවක් පසුගිය 07 වැනිදා පිහිටුවන ලදී.

State

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතියද ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.