Friday, May 08, 2026
Follow Us
ගල්අගුරු අක්‍රමිකතා පිළිබඳ දැනුම් දෙන්න
2009 සිට 2026 අප්රේල් 16 දක්වා ගල්අඟුරු ආනයනය කිරීම, එම ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීම සහ ඒ හා සබැඳි අනෙකුත් සියලුම ක්රියාකාරකම්වල දී සිදු වී ඇතැයි කියනු ලබන විවිධ අක්රමිකතා සහ/හෝ නීතිවිරෝධී ක්රියා සම්බන්ධයෙන් විර්මශනය කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පහත සදහන් ලිපිනයට දැනුම්දෙන ලෙස විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉල්ලා සිටි.
 
5 වන මහල, මහේස්ත්රාත් අධිකරණ සංකීර්‌ණය, අධිකරණ පියස, සාන්චි ආරච්චි වත්ත, අධිකරණ මාවත, කොළඹ 12. එම ලිපියන වේ.
 
මෙම කාරණය සම්බන්ධයෙන් මහජනයා හෝ ආයතන වෙත ඇති තොරතුරු 2026 මැයි මස 22 ට පෙර එවන ලෙස මහජනතාව දැනුවත් කිරීම සඳහා 2026 අප්රේල් 30 පුවත්පත් දැන්වීම් පළ කර තිබෙන බව ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
 
මෙම කොමිෂන් සභාවේ මූලික විමර්ශන කටයුතු කොමිෂන් සභාවට අනියුක්ත පොලිස් නිලධාරින් විසින් මේ වනවිට ආරම්භ කර ඇත.