Wednesday, April 22, 2026
Follow Us
මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක්
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ලබා දීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
 
අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ලබා දීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2023-12-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සකස් කරනු ලැබූ නව ක්‍රමවේදය සමාලෝචනය කිරීමෙන් අනතුරුව 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනතේ සඳහන් නිර්ණායකයන් ද සැලකිල්ලට ගනිමින් අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර ලබා දීම සඳහා නව ක්‍රමවේදයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබ ඇත.
 
මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාශීලීව සිටින බස් රථ හිමියන් ආරක්ෂා වන පරිදිත්, නව ආයෝජකයින්ට පොදු ප්‍රවාහන සේවා සැපයීමට ඇති අවස්ථාවන් පුළුල් කිරීම මඟින් ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට මගීන්ට ඇති අයිතිය තහවුරු වන පරිදිත් එකී ක්‍රමවේදය සකස් කරනු ලැබ තිබේ.