Tuesday, May 05, 2026
Follow Us
කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා තීරණයක් ගනී
කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් මරදාන සිට අවිස්සාවේල්ල දක්වා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

කැලණිවැලි දුම්රිය මාර්ගය මරදාන සිට අවිස්සාවේල්ල දක්වා සංවර්ධනය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්කර ගැනීමට හා නැවත පදිංචි කිරීමේ කාර්යයන් සිදු කිරීමටත් මින් පෙර අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබිණි.

තවද, එකී දුම්රිය මාර්ගය දිගේ දුම්රිය ප්‍රවේශ අයිතිය තුළ ජීවත් වන පවුල් නැවත පදිංචිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය හිමිව තිබේ.

කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීමට අදාළව මරදාන සිට අවිස්සාවේල්ල දක්වා කොළඹ, තිඹිරිගස්යාය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහරගම, හෝමාගම, පාදුක්ක හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි අත්‍යවශ්‍ය ඉඩම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් අත්කර ගැනීම මෙහිදී සිදු වේ.