Tuesday, May 05, 2026
Follow Us
මහ කන්නයේ පොහොර තොග සූදානම් කිරීමට සැලසුම්
2026/2027 මහ කන්නය සඳහා අවශ්ය යූරියා පොහොර තොග සංචිත සූදානම් කිරීමට හැකි වන පරිදි ඍජු පොහොර ලෙස සහ එළවළු හා අනෙකුත් බෝග වගා සඳහා මිශ්ර පොහොර නිෂ්පාදනයට යූරියා මෙට්රික්ටොන් 20,000ක් ප්රසම්පාදනය කිරීමට ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් සැලසුම් කර තිබේ.
 
ඒ අනුව, ජාත්යන්තර තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය අනුගමනය කරමින් යූරියා (Prilled) මෙට්රික්ටොන් 20,000ක් මිල දී ගැනීම පිණිස ප්රසම්පාදන ක්රියාවලිය ක්රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.