කොවිඩ් අවදානම් තත්ත්වය හමුවේ වුවද සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව පෞරාණික චාරිත්‍ර ගරුකරමින් ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙන බව දියවඩන නිලමේ නිලංග දෑල පැවැසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ තවත් තරඟයක් ඉතිරිව තිබියදී 2 ට බිංදුවක් ලෙස දෙරට අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය ද ජය ගනිමින්.
ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඉන්ධන හිගයකට මුහුණදීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ මෙරට රජය විසින් බොරතෙල් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ බොරතෙල් ටෙන්ඩරයට කිසිදු සමාගමක් ලංසු තැබීමට ඉදිරිපත් නොවීම හේතුවෙනි.
හික්කඩුව මාදම්පාගම සහ දොඩම්දූව යන ප්‍රදේශ වලින් කොවිඩ් ආසාදිතයින් 34දෙනෙකු හදුනාගෙන තිබේ.
තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 291 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි
තවත් සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද (22) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟාවී තිබේ.
Police have taken over the mobile phone of the main domestic servant of former Minister Rishad Bathiudeen’s residence, where the 16-year-old girl died while working as a domestic aide for further investigations.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
යාල ජාතික වනෝද්‍යානයේ සිතුල්පව්වට ආසන්න අලිගල ප්‍රදේශයේ පිහිටි ආකාස චෛත්‍ය ප්‍රතිසංස්කරණය සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශය ලබාදී ඇත්තේ පවතින නීති රාමුවෙන් බැහැරව බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා. එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ එම තීරණය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ අක්කර 12,000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින බවයි.
වසර ගණනක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති තිහක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද (22 වැනිදා) උදේ 10ට උද්ඝෝෂණයක් පැවැත්වේ.
ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරනවා. හජ් උත්සවයේ ඉස්ලාම් භක්තිකයින්ට වැදගත් වන හේතු සම්බන්ධයෙන් හේතු දැක්වූ ඊරස්සගල මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජක එස් එම් හිර්ෂාඩ් රවාහි මවුලවි.
ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කර සිටිනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න ප්‍රකාශ කළේ, සංචරණ සීමා පනවා තිබුණ ද කොවිඩ් ආසාදිතයන්ගේ සැළකිය යුතු අඩුවීමක් කිසිදු අවස්ථාවක දක්නට නොලැබුණ බවය.
Page 411 of 764