Sunday, August 17, 2025
Follow Us
කොවිඩ් වසංගත තත්ත්වයේ ඉදිරි සති දෙක තීරණය වී අවසන්

මෙරටේ කොවිඩ් වසංගත තත්ත්වයේ ඉදිරි සති දෙක මේ වන විට තීරණය වී අවසන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.


එහි සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉතාමත් අධික බවයි.

මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට මීට සති දෙකකට පෙර බලධාරීන් දැනුවත් කළ බව ඇය පැවසීය.

මේ සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරිය දැක්වූ අදහස්….

 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න

රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවය ඉතාමත් අධිකයි. ඒක මතමයි අපි මේ සුමාන දෙකකට ඉස්සෙල්ලා කල් තියලා දැනුවත් කළේ, දැන් මේ නැග්ම පටන් ගත්තා කියන එක.
මොකද අපේ ඊළග සුමාන දෙක මේ වන කොට තීරණය වෙලා ඉවරයි. අපේ ර‌ටේ ජනතාව දන්නවා දෙවන ලොක්ඩවුන් එක අපි ගියේ කොහොමද කියලා.
අපි දෙවනි ලොක්ඩවුන් එකේ හිටිය විදිහට තමයි අපිට ප්‍රතිඵල ලැබුනේ. හොදම ප්‍රතිඵල ලැබුනේ නැහැ ලොක්ඩවුන් එකෙන්.
අපි යන මේ සමාජයේ සෙනග අතර රෝගය තියෙනවා. ඒක නිසයි අපි පරිස්සම් වෙන්න කියලා කියන්නේ.
මුව ආවරණය අත්‍යාවශ්‍යයි. ගෙදරින් එළියට බැස්සට පස්සේ ආපහු ගෙදර එනකන්ම ම මුව ආවරණය පැළද සිටින්නට ඕනා.
මේ දවස්වල ගමනා ගමනය කියන එක ගැන සම්පූර්ණයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනා.

(Aruna)