ආහාර වාර්තාව සැප්තැම්බරයේ සෞඛ්‍ය අමාත්‍යංශයට
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ආහාර පෝෂණ ගුණයෙන් අනූන බව ඉන්දියාවේ පූනෙයි ආහාර පිළිබඳ රසායනාගාරයේ සිදුකළ පර්‌යේෂණයකින් තහවුරු වී තිබේ.
ශ්‍රී ලාංකිකයන් ආහාරයට ගන්නා පලතුරු, එළවළු හා මාළු ඇතුළු ආහාර වර්ග 324ක පෝෂණ ගුණය පිළිබඳ විද්‍යාත්මක පර්‌යේෂණයක් මෙහිදී සිදුකර තිබේ.
ලෝක බැංකුවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය හා බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණ ආයතනය එක්ව ඉන්දියාවේදී මෙම පර්‌යේෂණ සිදුකර ඇත.
මෙම පර්‌යේෂණයට වසරක කාලයක් ගතවී තිබේ. අතීතයේ ශ්‍රී ලාංකිකයන් භාවිත කළ අල වර්ග, ඇට වර්ග, එළවළු වර්ග පිළිබඳවද අධ්‍යයනය කර ඇති අතර එම ආහාර පෝෂණ ගුණයෙන් අනූන බව හෙළිවී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කියා සිටියේය.
එසේම වාණිජ අරමුණු වෙනුවෙන් ගුණයෙන් අනූන යැයි මවා පෙන්වා තිබෙන ආහාරවලට වඩා මෙරට සුලබව ඇති මෙම ආහාර වර්ග 324 පෝෂණ ගුණයෙන් අනූන බවද හෙළිව තිබේ.
මෙම පර්‌යේෂණයේ වාර්තාව සැප්තැම්බර් මාසයේ සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දීමෙන් පසු ජනතාව දැනුවත් කිරීමට නියමිතය.
(Aruna)