අලුත් රෝගීන්ගේ වෛරස ධාරිතාව වැඩියි
මෙරට කොවිඩ් රෝගීන් වාර්තා වන ආකාරය දෙස බැලිමේ දී තුන්වෙනි රැල්ලට වඩා වැඩි දරුණු තත්වයක් ඉදිරියේදී මතුවනු ඇති බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා දිනපතා පැමිණෙන අයගෙන් 85%ක් පමණ ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන අතර එලෙස අලුතින් හඳුනා ගන්න රෝගීන්ගේ ශරීරයන්හි පවතින වෛරස ධාරිතාවයද ඉහළ බව රසායනාගාර වාර්තාවලින් පෙනී යන බව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.
මෙය ඩෙල්ටා ප්‍රභේදය නිසා සිදුවන්නක් බවට සැක කරන අතර රෝගීන් හමුවන ආකාරය දෙස බැලීමේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩෙල්ටා සැර කොවිඩ් වෛරස ප්‍රභේදය පැතිරෙන බවට අනුමාන කරයි.
මෙම තත්වය යටතේ රටට ඉදිරියේදී දැඩි අසීරු තත්වයකට මුහුණ දීමට සිදුවන බව ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් පවසයි.
(Aruna)