බස්නාහිර පළාතේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා වේලාවක් වෙන්කර ගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ ක්‍රමය මගින් සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන සදහන් කළේ කොළඹ, ගම්පහ සහ කළුතර ජනතාවට එම අවස්ථාව හිමිවන බවයි.
ඒ අනුව vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ 1906 යන දුරකථන අංකය මගින් ලියා පදිංචි වී දිනයක්, වේලාවක් සහ මධ්‍යස්ථානය වෙන් කර ගැනීමට අවස්ථාව සැළසේ.
නිවැරදි ආකාරයට ලියාපදිංචි වූ අයෙකුට කේත (code) අංකයක් ලැබෙන අතර, එය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකි වේ.
(Aruna)