Sunday, August 17, 2025
Follow Us
පී.බී.ට කොරෝනා අවසන් වුණාට සෞඛ්‍ය සේවයට කොරෝනා අවසන් නෑ

කොවිඩ් වසංගතය පාලනය කළ බව පෙන්වීම සඳහා රජයේ ඇතැම් පාර්ශ්වයන්වල අවිද්‍යාත්මක හැසිරීම ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

40-50 අතර පැවැති මරණ සංඛ්‍යාව අද වන විට 67 ක් වෙලා. රෝහල්වල නිවැරදි ප්‍රතිකාර නොමැතිව මිය යන සංඛ්‍යාව ගණනය කළොත්, මේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වේවිව. මෙම මරණවල වළක්වා ගත හැකි මරණ විශාල ප්‍රමාණයකට වැඩි වී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

මෙලෙස ආසාදිතයන් වැඩිවන්නේ තමන් විසින්ම ලෙඩේ හොයාගෙන රෝහලට එන සංඛ්‍යාව මිස හබාගෙන ගිහින් හොයන අය හෝ අහඹු පරීක්ෂණ මගින් හොයන් එන අසාදිතයන් නොවන බව ඔහු අවධාරණය කරයි.

එසේම වාර්තා කරන ආසාදිතයන් ප්‍රමාණය වගේ හතර පස් ගුණයක් ආසාදිතයන් සමාජය තුළ සිටින බවද හෙතෙම සඳහන් කළේය.

එසේම පී.බී. ජයසුන්දරට කොවිඩ් ඉවර වුණාට, සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර වී නොමැති බවත් ඇඳන් ගාණට වඩා හැම වාට්ටුවකම රෝගීන් සිටින බවත් පැවසූ සභාපතිවරයා කියා සිටියේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සේරම එකවර රාජාකාරි කරවන්න චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය සේවාවම අඩපණ කිරීමටද යන්න සැක මතුවන බවය.

(Aruna)