ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි සහ අගය එකතු කළ මුහුදු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ගෝලීය මතස්‍ය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් අපි සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අනුරාධපුර නුවර වැවේ පදිංචිකරුවන් පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (24) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ. ඒ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතාගේ සහභාගීත්වයෙනි.
සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ(22) පැවැත්විණි.
2026 වර්ෂය තුළදී ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රි ලාංකිකයින් 5000ක ගේ සංචිතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (12) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි සහ අගය එකතු කළ මුහුදු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ගෝලීය මතස්‍ය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් අපි සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
‘ප්‍රජාශක්ති’ දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ඊයේ (18) සහ අද (19) දෙදින කිලිනොච්චියේදී පවත්වන ලදි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල් මූලික කරගෙන පාසල් සපත්තු මිලදී ගැනීම සඳහා ලබා දෙන වවුචර්පත මගින් දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති තිබේ.
මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති පීඨයේ සිසුසිසුවියන්හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහන සඳහා සහභාගී වීමට අද (21) අවස්ථාව උදා විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙරට රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන "ආරෝග්‍යා" ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (19) ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ (Central Mail Exchange) දී පැවැත්විණි.
නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 2025 නොවැම්බර් මස 20 වැනි දින තංගල්ල ධීවර වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර 18ක් තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 261කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115කට අධික තොගයක් ඇති බවට තහවුරු විය. එමෙන්ම, මත්ද්‍රව්‍ය තොගය සමඟ රිවෝල්වර් වර්ගයේ හා පිස්තෝල වර්ගයේ පැති අවි 02 ක්, පතොරම් ගැබ් 02ක් සහ චන්ද්‍රිකා දුරකතනයක් ද එහිදී සොයාගත් අතර, එම මත්ද්‍රව්‍ය තොගය සහ නිතී විරෝධී ගිණි අවි, නිරීක්‍ෂණය සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව එම සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (17) පෙරවරුවේ පැවැත්විණි.
ආබාධ සහිත පුද්ගලයින් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ සංවේදීකරණය සඳහා වන වැඩමුළුවක් ඊයේ (20) ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු අමාත්‍යාංයේ දී පැවැත්විණි.
රජය ආරම්භ කල පුරන්ව ගිය කුඹුරු නැවත අස්වැද්දීමේ ව්‍යාපෘතිය යටතේ බියගම කොක්කුළු වැව ආශ්‍රීත කුඹුරු යාය අස්වැද්දීම හා ගංවතුර පාලනය කිරීමේ වැඩ සටහන නිරීක්ෂණය කිරීමට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැමිණියේය.
Page 15 of 742