Wednesday, July 15, 2026
Follow Us
බිම් මල් වගාවටත් රක්ෂණාවරණයක්
බිම් මල් වගාව ජනතාව අතර ව්යාප්ත කිරීමේ අරමුණ මත, බිම් මල් වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්රමයක් හඳුන්වා දීමට කෘෂිකර්‌ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්යාංශය යටතේ ක්රියාත්මක කෘෂිකාර්‌මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇත.
මෙහිදී වගා මළු ඒකක 250ක බිම් මල් ගෘහයක් මාස තුනක කාලයක් සඳහා රක්ෂණය කිරීම වෙනුවෙන් ගෙවිය යුතු වාරික මුදල වන්නේ රු.2025/- ක් වැනි අවම මුදලක් පමණි.
එහි දී ස්ථාපිත බිම් මල් වගාවකට ඇතිවන රෝග, කෘමි උවදුරු හේතුවෙන් සිදු වන හානියක දී රු.22,500/- ක රක්ෂිත මුදලක් ගෙවීම සිදු කරනු ලැබේ.
කෘෂිකර්‌ම දෙපාර්‌තමේන්තුවේ නිර්දේශය මත බිම් මල් වගා කරන ‌ගොවි මහත්ම මහත්මීන්ට මෙම රක්ෂණ යෝජනා ක්රමය මඟින් වගාවට ‌සිදුවන හානි ආවරණය කර ගැනීමට මේ මගින් අවස්ථාව සලසාදී ඇති බව කෘෂිකාර්‌මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.