Friday, July 10, 2026
Follow Us
කතරගම ඇසළ පෙරහැරට කුමන හරහා විශාල පිරිසක්
කතරගම ඇසළ මංගල්යයයට පාද යාත්රාවෙන් යන බැතිමතුන් වෙනුවෙන් කුමන ජාතික උද්යාන පිවිසුම විවෘත කළ පළමු දිනය වන අද 15,982 ක පිරිසක් ඒ හරහා ගමන් කර තිබෙන බව වාර්තා වෙයි.
 
එය කුමන පිවිසුම විවෘත කළ පළමු දිනයේ ගමන් කළ වැඩිම බැතිමතුන් පිරිස බවටයි වාර්තා වන්නේ. පසුගිය වසරේ පළමු දිනයේ ගමන් කර ඇත්තේ 10,000 කට ආසන්න පිරිසක් පමණයි.
පාද යාත්රාවේ යන බතිමතුන් සඳහා කුමන පිවිසුම සෑම දිනකම උදෑසන 06 සිට සවස 03 දක්වා විවෘතව පවතී.
 
කුමන සහ යාල ජාතික උද්යාන හරහා බැතිමතුන්ට සවස 06 දක්වා ගමන් කළ හැකියි.
 
සවස හයෙන් පසු රාත්රිය ගත කිරීමට ස්ථාන කීපයක් සූදානම් කර තිබෙන අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ යුද හමුදාව ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.