නව නාවික හමුදාධිපති අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් බැහැදැක ශ්රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තේය.
ශ්රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාධිපති ලෙස ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු පසුගියදා (10) මහනුවරදී ආගමික වතාවත්වල නිරත වෙමින් මල්වතු සහ අස්ගිරි මහා විහාර දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාව වෙත ගොස් ශ්රී දළදා සමිඳුන් වැඳපුදා නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී.