Monday, July 13, 2026
Follow Us
මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙට සිට

මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙට (14) දින සිට ජුලි (20) වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

  "විසිත වන ළමා ලොවට - හිරු කිරණකි සතුටු පවුල" යන්න තේමා කරගනිමින් මෙම සතිය ක්‍රියාත්මක කෙරේ.
ශාරීරික, මනෝ සමාජයීය හා බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්රී ලාංකික මුල් ළමා විය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් මෙම සතියට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මුළු දිවයිනම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් ක්රියාත්මකයි.
ගර්භනී සහ කිරි දෙන මව්වරුන්, මුල් ළමාවිය දරුවන්, මුල් ළමාවිය සංවර්ධනය, රැකවරණය සහ පෝෂණය යන ක්ෂේක්‍රයන් ආවරණය වන පරිදි වැඩසටහන් සංවිධානය කර තිබේ.